බන්ධනාගාර සැකකරුවන්ට පාර්සලයක් විසි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-28

බන්ධනාගාර සැකකරුවන්ට පාර්සලයක් විසි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

කළුතර බන්ධනාගාර සැකකරුවන් දෙසට සැක කටයුතු පාර්සලයක් විසි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
කළුතර අධිකරණ සංකීර්ණය වෙත සැකකරුවන් සහ වැරදිකරුවන් පිරිසක් රැගෙන විත් ඔවුන් යළි බන්ධනාගාර බස් රථයට නංවමින් සිටියදී සැක කටයුතු පාර්සලයක් ඔවුන් දෙසට විසි කර තිබුනි. එසේ පාර්සලය විසි කළ පුද්ගලයා ලුහුබැද ගොස් අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර ඇත.
 
එහිදී පොර බැදීමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නියාමකවරයෙකු නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු පිළිබඳ කළුතර දකුණ පොලීසිය පරීක්ෂණ පවත්වනු ලැබේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages