මැතිවරණ සතියේ පාසල් නිවාඩුයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-29

මැතිවරණ සතියේ පාසල් නිවාඩුයි

මෙවර  පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන සතිය තුළ සියලුම රජයේ පාසල්වලට නිවාඩු ලබා දීමට තීරණය කර ඇත.
 
අද (29) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කර ඇත.
 
ඒ අනුව අගෝස්තු මස 4, 5,6 සහ 7 වන සිකුරාදා යන දිනවල පාසල් වසා තැබෙයි.
 
දිවයිනේ සියලු පාසල්වල 11, 12, 13 ශ්‍රේණිවල අධ්‍යන කටයුතු පසුගිය ජූලි මස 27 වන දින යළි ආරම්භ වු බැවින් එම ශ්‍රේණිවල සිසුන්ට පමණක් මෙම නිවාඩුව අදාළ වේ.
 
අගෝස්තු 10 වන දා අනෙකුත් ශ්‍රේණි සඳහා ද පාසල් විවෘත කෙරෙයි. 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages