ජනපති අනුරපුර ආගමික වතාවත්වල - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-04

ජනපති අනුරපුර ආගමික වතාවත්වල

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇසළ පොහෝ දිනය නිමිත්තෙන් අද (04) පෙරවරුවේ අනුරාධපුර මිහින්තලය ඓතිහාසික මිහිඳු ආරණ්‍ය සේනාසනයට පැමිණ ආගමික වතාවත්වල නිරත විය.

එහිදී මහා සංඝරත්නය විසින් ජය පිරිත් සජ්ජායනයක් ද පැවැත් විය.

එහිදි ජනාධිපතිවරයා, සියම් මහා නිකායේ ශ්‍රි රෝහණ පාර්ශ්වයේ වනවාසි සංඝ සභාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්පාත සුමන හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව ජනාධිපතිවරයා ආරණ්‍ය සේනාසන භූමියේ නීරික්ෂණ චාරිකාවක නිරත වු අතර එහි පැමිණ සිටි බැතිමතුන් සමග සුහද පිළිසඳරක නිරත විය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages