කන්දකාඩුවලට ගිය අමුත්තන් කිසිවෙකුටත් කොරෝනා නැහැ – යුද හමුදාපති - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-17

කන්දකාඩුවලට ගිය අමුත්තන් කිසිවෙකුටත් කොරෝනා නැහැ – යුද හමුදාපති

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින පුද්ගලයින් බැලීමට ගිය අමුත්තන් කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නැති බවට තහවුරුවී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 
 
ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ සිදුකර ඇති අතර ඒ තුළින් මෙම තත්ත්වය තහවුරු වූ බව ඒ මහතා සදහන් කරයි.
 
මේ අතර කන්දකාඩු පොකුරට අදාළව පුද්ගලයින් පන්දහසකට අධික පිරිසකගේ පීසීආර් පරීක්ෂණ සිදුකර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඊට අදාළ පීසීආර් පරීක්ෂණ අඛණ්ඩව සිදුකෙරෙන බව ඒ මහතා සදහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages