මෛත්‍රීට ගෑවුණු කාටවත් ඡන්දය දෙන්න එපා කී විට දයාසිරි කලබල වෙලා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-06

මෛත්‍රීට ගෑවුණු කාටවත් ඡන්දය දෙන්න එපා කී විට දයාසිරි කලබල වෙලා

ඇමැති ප්‍රසන්න රණතුංග වේයන්ගොඩදී කියයි

මෛත්‍රීට ගෑවුණු කාටවත් ඡන්දය දෙන්න එපායැයි කී විට දයාසිරි කලබල වී ඇති බවත් තමන්ට වඩා එක් ඡන්දයක් හෝ කුරුණෑගලින් ගෙන පෙන්වන්නයැයි තමන් ශ්‍රීලනිප මහ ලේකම්වරයාට අභියෝග කරන බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා පාවා දුන් දයාසිරි ජයසේකර වැන්නවුන්ට මෙවර ජනතාව හොඳ පාඩමක් උගන්වනු ඇති බවයි.

වේයන්ගොඩ රංග ශාලාවේදී පෙරේදා (04) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අත්තනගල්ල බල මණ්ඩල රැස්වීමේ දී ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීය.“ මෛත්‍රීට 2015 පක්ෂය භාරදෙනකොට මහින්ද මහත්තයා විශේෂ ඉල්ලීමක් කළා. පාක්ෂිකයෝ රැකගන්න කියලා. නමුත් මෛත්‍රි මොකද කළේ පාක්ෂිකයන්ව එක්සත් ජාතික පක්ෂයට පාවා දුන්නා. ඒ විතරක් නොවෙයි.

මහින්දට ආදරය කරන පාක්ෂිකයන්ගෙන් පළි ගත්තා. මහින්දලාගෙන් පළිගත්තා. පළිගන්න නීතිය නැමුවා. නීතිය වෙනස් කළා.

මම හැමතැනම කියනවා පොහොට්ටුවට ඡන්දය දෙන්න කියලා. හැබැයි මතක තියාගන්න පොහොට්ටුවේ සියලුම අපේක්ෂකයෝ පොහොට්ටුවේ නොවෙයි. මෙතැන ඉන්නවා පොහොට්ටුවෙන් තරග කළාට මහින්ද මහත්තයාව දාලා ගිය අයත්. මෛත්‍රීට හේත්තු වෙලා තනතුරු වරප්‍රසාද ගත්ත අයත්. එහෙම තනතුරු වරප්‍රසාද අරන් මහින්දට ගහපු අයත්. ඒ නිසා මේ ගැන හොඳට හිතන්න. මහින්ද දාලා යන්නේ නැති ගෝඨාභය මහත්තයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්න පුළුවන් අය විතරක් පාර්ලිමේන්තුවට යවන්න. පහුගිය කාලයේ එහාට මෙහාට පැනලා වරදාන වරප්‍රසාද ගත්ත කීපදෙනෙක් ඉන්නවා. එයාලා පාර්ලිමේන්තුවට එවන්න එපා.

මම දයාසිරිට වඩා එක ඡන්දයක් හරි ගන්නවා. පුළුවන් නම් කුරුණෑගලින් මට වඩා එක ඡන්දයක් හරි ගන්න. මම අභියෝග කරනවා. දයාසිරිට දිනන්න පුළුවන් වෙන්නෙත් නෑ . දැන් දයාසිරි කිය කිය යනවා කුරුණෑගල මහින්ද මහත්තයට ඡන්දය තියෙනවා ඒ නිසා මහින්දට දෙන්න එපා එයාට දෙන්න කියලා. කුරුණෑගල විතරක් නෙමෙයි මුළු රටේම මිනිස්සු දැන් ඒකරාශී වෙලා ඉවරයි. පොහොට්ටුවේ ඉන්න පොහොට්ටුවේ නොවන මෛත්‍රීට ගෑවුණු අය ගෙදර යවන්න.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකවරුන් වන උපුල් රාජපක්ෂ, ප්‍රියන්ත පුෂ්පකුමාර මහත්වරු ද මෙහි දී කතා කළහ.

නිමල් රාජපක්ෂ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages