ගල්වඩුවාගම සියලු මාවත් කාපට් කළ මහින්ද මහත්තයාට ජනතාව සැමදා පින් දෙනවා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-06

ගල්වඩුවාගම සියලු මාවත් කාපට් කළ මහින්ද මහත්තයාට ජනතාව සැමදා පින් දෙනවා

වෙහෙරබැන්දකුටිය රජ මහා විහාරාධිපති  වැලිසර ජිනවංශ තිස්ස නාහිමියෝ ජනපති ගෝඨාභයට කියති

මම එදා  ඉසුරුමුණිය විහාරස්ථානයේ දී මහින්ද  මහතාට  ගම්මානයේ  අබලන් මාර්ග ගැන කියා සිටියා. මගේ නම  ලිපිනය ගන්න කියා කාට හරි කිවුවා. හරියටම සතියයි ගෙවුණේ නිලධාරීන් පැමිණ මා සමඟ සාකච්ඡා කර මාර්ග සියල්ලම කාපට් කළා.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා රුපියල් කෝටි 11ක් වැය කරමින් ශ්‍රාවස්තිපුර, ගල්වඩුවාගම පුරා ඇති අබලන් වූ මාර්ග සියල්ලම එදා කාපට් කර දුන්නා, අපි සෑම දිනකම එතුමාට පින් දෙනවා යැයි ශ්‍රාවස්තිපුර වෙහෙරබැන්දකුටිය රජ මහා විහාරාධිපති උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක වැලිසර ජිනවංශ තිස්ස නාහිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පවසති.

පසුගිය ඇසළ පුන් පොහෝ දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම මැතිනිය පුතා සහ දුව වෙහෙරබැන්දකුටිය රජ මහා විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ දී උන් වහන්සේ එසේ පැවසූහ.

මම මේ ගමට එන විට මහා ඝන කැලෑවක් තිබුණේ. මේ විහාරස්ථානයට බොහෝ දෙනකුගේ දායකත්වය ලැබුණා. මේ ස්ථානයට මම වැඩම කර ගෙන ආවේ හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ කේ. අබේසුන්දර මහතා. (අබේසුන්දර මහතා සමඟ ද ජනාධිපතිවරයා සුහද පිළිසඳරක යෙදුනේය.) මම ගල් උඩ තමයි නිදා ගත්තෙ. ඇඳ පුටුවක්වත් තිබුණේ නැහැ. එහෙම දුක් විඳල තමයි මේ පන්සල ගොඩ නැඟුවේ. රජ කාලයේ තිබූ විනාශ වී ගොස් තිබෙන වෛත්‍යය අලුතින් ගොඩ නැඟීම සඳහා ආරම්භ කර තිබෙනවා. මම එදා අනුරාධපුර ඉසුරුමුණිය විහාරස්ථානයේ දී මහින්ද රාජපක්ෂ මහතාට මේ ගම්මානයේ අබලන් වී තිබූ මාර්ග පිළිබඳ කියා සිටියා. මගේ නම ලිපිනය ගන්න කියා කාට හරි කිවුවා. හරියටම සතියයි ගෙවුණේ නිලධාරීන් පැමිණ මා සමඟ සාකච්ඡා කර මාර්ග සියල්ලම කාපට් කිරීමට පියවර ගත්තා. ඒ සඳහා රුපියල් කෝටි 11ක් වැය කළා. වෙහෙරබැන්ද කුටිය රජ මහා විහාරස්ථානයට එන මාර්ගය ඇතුළු අබලන්ව තිබූ ගල්වඩුවාගම මාර්ග සියල්ලම කාපට් කළා. අපි ගමේ සියලු දෙනාම දිනපතා මහින්ද රාජපක්ෂ මහතාට පින් දෙනවා‘ යැයි ද උන්වහන්සේ එහි දී වැඩිදුරටත් පැවසූහ. මේ අවස්ථාවට සහභාගි වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එදින පෙහෙවස් සමාදන් වී සිටි සියලු දෙනා සහ පැමිණ සිටි ගම්වාසී සියලු දෙනා සමඟ සුහදව කතාබහ කරමින්, ඒ අයගේ අවශ්‍යතා සාකච්ඡා කරමින්, ආගමික වතාවත්වලට සහභාගි වී මහා සංඝරත්නයේ සෙත් පිරිත් මැද ආශිර්වාද ලබාගත්තේය.

මේ අවස්ථාවට වෙහෙරබැන්දකුටිය රජ මහා විහාරාධිපති උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක වැලිසර ජිනවංස තිස්ස නාහිමි, කඩුගන්නාවේ සමිත හිමි, විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂ කේ. අබේසුන්දර, ඉඩම් කොමසාරිස් කීර්ති ගමගේ යන මහත්වරුන් ඇතුළු බැතිමතුන් පිරිසක් සහභාගි වූහ.

ඡායාරූප - හිදෝගම සමූහ

හිදෝගම සමූහ

චිත්‍රාරත්න කළුආරච්චි

No comments:

Post a Comment

Post Bottom Ad

Pages