මිලින්දගේ කොරෝනා DIARY ය හෙට එළියට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-30

මිලින්දගේ කොරෝනා DIARY ය හෙට එළියට

 'මිලින්දගේ කොරෝනා ඩයරිය' 31 වෙනි සිකුරාදා (හෙට) හවස 6.00 ට Idea ශාලා පරිශ්‍රයේදී එළිදැක්වීමට නියමිතයි.

උත්සවයේ ප්‍රධාන ආරාධිතයා බැසිල් රාජපක්ෂ වන අතර  ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න, වෛද්‍ය සීතා අරඹේපොල සහ ශ්‍රියන්ත මෙන්ඩිස් එහි දී අදහස් දැක්වීම් සිදු කරනු ඇති.

"කොරෝනා තරම් අපේ ජීවිත කාලය තුල දේශපාලනිකරණය වුන සෞඛ්‍ය ගැටලුවක් තවත් නෑ. ඒ වගේම තමයි කොරෝනා තරම් නූතන ඉතිහාසයේ වසංගතයක් වුන දේශපාලනික ගැටලුවක් තවත් නෑ. මේ තරම් ලෝකයේම දේශපාලනය, රාජ්‍ය යයාන්ත්‍රණය, ආරක්ෂක අංශ, සිවිල් සමාජය, මාධ්‍ය එකම වකවානුවක එකට වැඩකරපු සමාජ තත්වයක් හෝ සිදුවීමක් තවත් නැතුව ඇති. ඉතින් අනාගතයේ දවසක කොරෝනා ගැන කතාකරද්දි, ආපහු හැරිල බලද්දි, අධ්‍යනයන් කරද්දි මිලින්දගේ කොරෝනා ඩයරියත් ප්‍රයෝජනවත් වේවි. ලංකාවෙ මිනිස්සු කොරෝනා සටන ජයගත්ත විදිය කියවාවි. ලස්සන දිගම දිග කතාන්දරයක් වගේ එක හුස්මට කියවාවි.

කොරෝනා වලින් පස්සෙ හැදෙන ලංකාව සහ ලෝකය අපි දැන ඉගෙනගත්ත දැනුම අවලංගු කරල තියෙනවා. මිලින්දගෙ පොතෙන් කියවෙන්නේ ඒ පරණ දැනුමෙන් අලුත් දැනුමට අපි මාරුවෙන්න හදන හැටි සහ අලුත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට අපිට තියෙන උනන්දුව. හෙට අනිද්දා චන්දෙනුත් මිනිස්සු ඒ අදහස තහවුරු කරාවි. ඊලග අවුරුදු 5 අතිශයින්ම තීරණාත්මකයි. ලොකෙ ලොකුම රටවල් පවා පරදිමින් සිටින කොරෝනා සටනින් ජයගත්ත ලංකාවෙ අපිට, ඇත්තටම උනන්දුවක් තියෙනවනම් ලෝකෙ ‘බලවත්ම’ රටක් බවට පත් වෙන එක අමාරු වැඩක් නෙමෙයි. අපි වැඩකලොත් එහෙම දියුණු රටක ඉදන් අපේ දරුවන් මිලින්දගේ කොරෝනා ඩයරිය කියවාවි."

 (පසුවදන - නාමල් රාජපක්ෂ)

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages