කොරෝනා ආසාදිතයෙක් IDH රෝහලෙන් පැන යයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-24

කොරෝනා ආසාදිතයෙක් IDH රෝහලෙන් පැන යයි

 
මුල්ලේරියාව අයි. ඩී. එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙකු අද (24) අළුයම එම රෝහලෙන් පලා ගොස් ඇති බව පොලිසිය සදහන් කරයි.    
 
මෙම පුද්ගලයා මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ සහ අපරාධ සඳහා අවශ්‍ය කරන සැකකරුවෙකු වන එම පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි අයෙකු ද වේ.
 
මෙලෙස පළාගොස් ඇත්තේ 41 හැවිරිදි ත්‍රිකුණාමලය, මාර්බල් බීච්, චීන වාරය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් කාසීම් මොහොමඩ් නසීම් නමැති පුද්ගලයෙකු බව සඳහන්ය.
 
වම් කකුලේ ආබාධයක් හේතුවෙන් ඔහු ඇවිදින විට කොර ගසන තැනැත්තෙකු බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
 
මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරු දන්නා අය 119 කෙටි දුරකථන අංකයට හෝ 071 – 8 591 017, 071- 8 592 290, 071 – 8 591 864 යන දුරකථන අංකවලට තොරතුරු ලබා දෙන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages