PCR පරීක්‍ෂණ වෙනුවෙන් සමාජ ආරක්ෂණ අරමුදලෙන් ලක්‍ෂ 366ක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-25

PCR පරීක්‍ෂණ වෙනුවෙන් සමාජ ආරක්ෂණ අරමුදලෙන් ලක්‍ෂ 366ක්

 
මේ වන විට සිදුකෙරෙන අත්‍යාවශ්‍ය PCR පරීක්ෂණ සඳහා සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලෙන් රුපියල් 36,605,812ක් යොදවා තිබේ.
 
අදාළ චෙක්පත ඊයේ (24) මහ බැංකු අධිපති, කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා වෙත භාර දී ඇත.
 
PCR පරීක්ෂණ හා සෞඛ්‍යාරක්ෂණ උපදේශන වැඩසටහන්වල වියදම් සඳහා මුදල ප්‍රදානය කර තිබේ.
 
මේ වන විට කොවිඩ් -19 අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1525 ඉක්මවා ඇත.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages