ලංකාවේ විශාලම සක්‍රීය කාන්තා සංවිධානය මාතරින්! [VIDEO] - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-28

ලංකාවේ විශාලම සක්‍රීය කාන්තා සංවිධානය මාතරින්! [VIDEO]

මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන දිරිය කතුන් සඳහා අත හිත ලබා දෙන විශාලතම ව්‍යාපෘතිය වන “ලිය ශක්ති” ශ්‍රී ලංකාවේ විශාලතම හා සක්‍රියම කාන්තා ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය බව මාතර ජනතාවට නොරහසක්.

අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතාගේ බිරිඳ වන පද්මිණි යාපා අබේවර්ධන මහත්මියගේ මුලිකත්වයෙන් ආරම්භ වූ “ලිය ශක්ති” ප්‍රජා සංවර්ධන වැඩසටහන වසර ගණනාවක් තුල මාතර දිස්ත්‍රික්කය තුල ජිවත් වන අඩු ආදායම්ලාභී කාන්තාවන්ට අත හිත දෙමින් කාන්තාවන් වෙනත් පුද්ගලයින් මත යැපීමේ ක්‍රමය වෙනුවට ආර්ථිකව  හා සමාජීයව ශක්තිමත් කාන්තාවක් බිහි කිරීම අරමුණු කොටගෙන දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක ශක්තිමත්ම හා විශාලම ප්‍රජා සංවර්ධන වැඩසටහනද වනවා. දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ හා ග්‍රාමසේවා වසම් ආවරණය වන “ලිය ශක්ති” ව්‍යාපෘතියේ මේ වනවිට සාමාජිකාවන් 65,000ක් සඳහා සිය ශක්තිය ලබා දෙනවා.

ග්‍රාමීය අහිංසක කාන්තාවන්ගේ ආර්ථික ගැටළු, රැකියා ගැටළු, දරු දැරියන්ගේ අධ්‍යාපන ගැටළු, සෞඛ්‍ය ගැටළු, සාමජිය ගැටළු ආදී දේ සඳහා සෘජුව මැදිහත්වෙමින් ගැටළු වලින් හෙම්බත් වී සිටින කාන්තාවන්ට ශක්තිමත්ව නැගී සිටින්නට මාර්ගය විවර කරන “ලිය ශක්ති” වැඩසටහන මගින් මේ වනවිට මාතර දිස්ත්‍රික්කයේ කාන්තාවන් 50,000 කට පමණ සිය ආර්ථික ශක්තිමත් බව ගොඩනගා ගැනීම සඳහා අත්කම් නිර්මාණ, ගෘහාශ්‍රිත නිෂ්පාදන, මැහුම් නිර්මාණ ආදී වූ විවිධාකාර ක්ෂේත්‍රවල ස්වයං රැකියා ආරම්භ කරීම සඳහා පුහුණුව, උපදෙස් මෙන්ම ඒවාට අවශ්‍ය වෙළෙඳ පොළක්ද නිර්මාණය කිරීම සඳහා පියවර ගෙන තිබෙන අතර ඉදිරියටත් තව තවත් ශක්තිමත්ව මාතර “ලියන්” ශක්තිමත් කරමින් සාර්ථක ගමනකට ලිය ශක්ති සුදානම්….

 



from රට තොට – Colombo Tribune https://ift.tt/3hJdlcs
tribune

No comments:

Post a Comment

Post Bottom Ad

Pages