හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේදී බවුසර් රථ 03 ක් අනතුරට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-14

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේදී බවුසර් රථ 03 ක් අනතුරට

හැටන් සිට පැලවත්ත දක්වා කිරි ප්‍රවාහනය කරන ලද බවුසර් රථයක් ප්‍රධාන මාර්ගය අභියස නතර කර තිබු ටිපර් රථ දෙකක් මත ගැටි අනතුරක් සිදු වී ඇති බව නානුඔය පොලිසිය පැවසුවා.

අද (14) දින අලුයම 1 ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් – නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදියී.

කාර්මික දෝෂයකට ලක් වී තිබු ටිපර් රථයක් සහ එම ටිපර් රථයේ අලුත්වැඩියාව සදහා ගිය තවත් ටිපර් රථයක් රදැල්ල කෙටි මාර්ගයේ කාර්බේග් ප්‍රදේශයේ මාර්ගයේ අභියස නතර කර තිබියදි එම දිශාවටම ගමන් ගත් කිරි ප්‍රවාහන බවුසර් රථය, ටිපර් රථ දෙකේ ගැටි මෙම අනතුර සිදු වී තිබෙනවා.

අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර, අනතුරෙන් කිරි බවුසරයට සහ ටිපර් රථ දෙකට අලාභ හානි සිදු වී තිබෙනවා.

බවුසර් රථයේ රියදුරාට නින්ද යාමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන නානුඔය පොලිසිය සැකකරන්නේ.

ඊයේ (13) දිනද මොණරාගල වටවල දක්වා තෘණ ප්‍රවාහනය කරන ලද ලොරි රථයක් එම ස්ථානයේදිම අනතුරට පත්වීමෙන් එම ලොරි රථයේ රියදුරා බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කෙරුණා.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages