කොවිඩ් එන්නත් මිලියන 100ක් අමෙරිකාවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-02

කොවිඩ් එන්නත් මිලියන 100ක් අමෙරිකාවට

 
මේ වනවිට පරීක්ෂණ මට්ටමේ ඇති කොවිඩ් – 19 එන්නත් මිලියන 100 ක් ලබා ගැනීම සඳහා අමෙරිකානු රජය ගිවිසුම් ගත වී තිබේ.
 
ඒ අනුව මේ වසර නිමාවීමට පෙර ප්‍රධාන පෙලේ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ඖෂධ නිෂ්පාදන සමාගම් දෙකක් මෙලෙස ඇමරිකාවට කොවිඩ් – 19 එන්නත් සැපයීමට අපේක්ෂිතය.
 
කොරෝනා එන්නත් වෙළඳපොලට පිවිසීමට පෙරම ඒවා මිලදී ගැනීම සඳහා ඇමරිකාව කටයුතු කරන්නේ ජනපති ට්‍රම්ප්ගේ ඔපරේෂන් වෝප් ස්පීඩ් ව්‍යාපෘතිය යටතේ වන අතර ඒ සඳහා වැය වන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 2.1 කි.
 
මෙලෙස එන්නත් මිලදී ගැනීමට හේතු වී ඇත්තේ ඉදිරි සති කිහිපය තුළ කොරෝනා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි ඇමරිකානු වසංගත රෝග පාලන මධ්‍යස්ථානය ප්‍රකාශ කිරීමයි.
 
 
 
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages