ඉන්දීය ගුවන් අනතුරින් නියමුවන් දෙදෙනා ඇතුළු 18ක් මරුට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-08

ඉන්දීය ගුවන් අනතුරින් නියමුවන් දෙදෙනා ඇතුළු 18ක් මරුට

පුද්ගලයන් 18 දෙනෙකුගේ ජීවිත අහිමිකරමින් ඉන්දියාවේ කොසිකොඩ් නගරය ආසන්නයේ මගී ගුවන් යානයක් ඊයේ අනතුරට පත්විය.
 
අධික වාර්ෂා තත්වය යටතේ යානය ගොඩබෑමට සූදානම් වන අවස්ථාවේ දී මෙලෙස අනතුරට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
 
යානයේ ගුවන් නියමුවන් දෙදෙනාද ජීවිතක්‍ෂයට පත්ව ඇත. 
 
සිද්ධියෙන් මගීන් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි සදහන්වේ. 
 
බොයිං සමාගමේ 737 වර්ගයේ ගුවන් යානයක් මෙලෙස අනතුරට පත්විය. ගුවන් යානය එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් සමාගම සතු යානයක් වෙයි. යානය ඩුබායි සිට ඉන්දියාවේ කුලිකට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගාවෙමින් සිටියදී කොසිකොඩ් නගරය ආසන්නයේ අනතුරට පත්වන අවස්ථාවේ පුද්ගලයන් 190 දෙනෙක් යානය තුළ ගමන් ගත් බව ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
 
කාලගුණික තත්වය හේතුවෙන් පළමුවර ගොඩබැස්සවීමට නොහැකි වී ඇති යානය නැවත පියාසර කරවීමට උත්සහ කරවීමේ දී මෙලෙස අනතුරට පත්ව ඇති බව ද නිවේදනයේ සඳහන්ව ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages