කොරෝනා ආසාදිතයින් 3012ක් වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-31

කොරෝනා ආසාදිතයින් 3012ක් වෙයි

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 3012ක් දක්වා මේ වන විට ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

ඒ ඊයේ (30) දිනයේ නව ආසාදිතයින් 17දෙනෙකු හඳුනාගැනිමත් සමගය.

මෙම ආසාදිතයින්ගෙන් 12 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති අතර අනෙක් තිදෙනා මාලදිවයිනේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඉන්දියාවේ සිට පැමිණි නාවිකයින් දෙදෙනෙක් ද ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් අතර වේ.

ඒ අනුව ආසාදිතයින් 140 දෙනෙකු මේ වන විට පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබයි.

වාර්තා වන සමස්ථ ආසාදිතයින්ගෙන් 2860 දෙනෙකු පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages