මං කවදාවත් රාජ්‍ය ඇමතිකම් දරා නෑ – බොරු ඇමතිකම් මට එපා - විජයදාස - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-15

මං කවදාවත් රාජ්‍ය ඇමතිකම් දරා නෑ – බොරු ඇමතිකම් මට එපා - විජයදාස

තමන් කිසිදිනෙක කැබිනට් ඇමතිකමක් මිස රාජ්‍ය ඇමතිකමක් දරා නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා දුරකතනයෙන් අමතමිනුයි.
ඔහුට නම් කර ඇත්තේ උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති කම බව දැනගත් පසු ජනාධිපති උපදේශක වරයා අමතමින් මේ බව සඳහන් කර තිබෙනවා.

රාජ්‍ය ඇමතිවරුන් සඳහා කිසිදු ආයතනයක් ගැසට් පත්‍රයක් මගින් පවරා නැති බවද විජේදාස රාජපක්ෂ මහතා චෝදනා කර තිබුණා.

තමන්ට බොරුවට ඇමතිකම් අවශ්‍ය නැති බවත් එවන් ඇමතිධුර තමන් බාර ගන්නේ නැති බවත් පවසමින් ඔහු එහිදී සඳහන් කර ඇති බව වාර්තා වනවා.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages