ඉන්දියාවෙන් කොරෝනා වාර්තාවක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-31

ඉන්දියාවෙන් කොරෝනා වාර්තාවක්

පැය 24කදී රෝගීහු 78,761ක්

ඉන්දියාවේ එක් දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදන ප්‍රමාණය වන 78,761ක් ගෙවුණු පැය විසිහතර ඇතුළත වාර්තා වූ අතර මේ නිසා එරට කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය ලක්ෂ 35ක් දක්වා ඉහළ ගියේය.  මේ අතර කොවිඩ් මරණ ප්‍රමාණය 63,000 දක්වා ඉහළ ගියේය. මේ බව තහවුරු වූයේ ඉරිදා (30) පෙ.ව. 8.00 දක්වා යාවත් කාලීන කරන ලද මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුවය.

මෙය ලොව ඕනෑම රටකින් එක් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදන ප්‍රමාණයයි. මීට පෙර එවැනි එක්දිනක වැඩිම රෝගීන් වාර්තා වූයේ ද ඉන්දියාවේය. ඒ ආකාරයට අගෝස්තු 27 වැනිදා ආසාදිතයින් 77,266ක් වාර්තා විය. එරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන ලක්ෂ 10 සිට ලක්ෂ 20 දක්වා වැඩි වීමට දින 21ක් ගතවූ අතර ලක්ෂ 20 සිට ලක්ෂ 30 දක්වා වැඩිවීමට ගත වූයේ දින 16ක් පමණි.

 

බුද්ධි කරුණාරත්න

No comments:

Post a Comment

Post Bottom Ad

Pages