හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සේයා රූ සිතුවමට නැඟේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-31

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සේයා රූ සිතුවමට නැඟේ

පල්ලෙකැලේ පොලිස් ස්ථානයේ ඉදිරියේ ඇති තාප්පයේ සිතුවම් කරනු ලැබූ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ රූප පසුගියදා විවෘත කෙරිණි.

පල්ලෙකැලේ පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂක ඩී. සමරනායක මහතාගේ තෙලි තුඩින් නිර්මාණය වූ එම සිතුවම් නැරැඹීමට පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක කුමාර සංගක්කාර සමග සිදත් වෙත්තමුණි, චාමර කපුගෙදර, අමල් සිල්වා සහ මුත්තයියා මුරලිදරන්ගේ පියා වන එස්. මුත්තයියා මහතා එක් වූ අතර, හිටපු ක්‍රිකට් ක්‍රීඩිකාවන් වන ශෂිකලා සිරිවර්ධන සහ ප්‍රභා උඩවත්ත ද පැමිණ සිටියහ.

 

ඡායාරූප - මහනුවර ක්‍රීඩා විශේෂ

 උපනන්ද ජයසුන්දර මහනුවර විශේෂ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages