ජනපති හා අගමැති දළදා වඳියි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-12

ජනපති හා අගමැති දළදා වඳියි

ශ්‍රී ලංකාවේ 14වන අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ මහින්ද රාජපක්ෂ මහතා අද (12) මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳු වැඳපුදා ගනු ලැබීය.

අග්‍රාමාත්‍ය දූරයට පත්වීමෙන් පසුව, චාරිත්‍රානුකූලව මඟුල් බෙර සහ සක් හඬ මධ්‍යයේ ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණි මහින්ද රාජපක්ෂ මහතා පිළිගනු ලැබුවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාලවල බස්නායක නිලමේවරුන් විසිනි.

මේ අවස්ථාව සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ද එක්විය.

දළදා සමිඳු වැද පුදාගෙන ආශිර්වාද ලබාගත් අග්‍රාමාත්‍යවරයා අමුත්තනගේ සටහන් පොතේ විශේෂ සමරු සටහනක් තැබුවේ ‍පෞරාණික සිරිත් සම්මතයට ගරු කරමින්ය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages