ගණන් කිරීමේ මධ්‍යස්ථාන ආශ්‍රිතව දැඩි ආරක්ෂාවක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-06

ගණන් කිරීමේ මධ්‍යස්ථාන ආශ්‍රිතව දැඩි ආරක්ෂාවක්

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.

මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකාය සමග පොලිස් භට පිරිස් මෙම කටයුතු සඳහා යොදවා ඇති බවයි.

මැතිවරණ කොමිසම ලබාදී ඇති උපදෙස් අනුව ගණන් කිරීමේ මධ්‍යස්ථානවල කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව සිදු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න සඳහන් කළේ ය.

දිවයින පුරා ජංගම සංචාර හා මාර්ග බාධක ද ක්‍රියාත්මක වේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages