කකුලෙන් අදින්නේ නැතුව අපිට වැඩකරන්න දෙන්න – අපි ප්‍රයිවට් සෙක්ටර් එකෙන් ඇවිල්ලා තියෙන්නේ වැඩ කරන්නයි! - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-20

කකුලෙන් අදින්නේ නැතුව අපිට වැඩකරන්න දෙන්න – අපි ප්‍රයිවට් සෙක්ටර් එකෙන් ඇවිල්ලා තියෙන්නේ වැඩ කරන්නයි!

පද්ධති (systems), ක්‍රියාමාර්ග (procedures) වෙනස් කිරීමට යාමේ දී ඊට විරුද්ධ වන පාර්ශවයක් ද සිටින බවත්, තමන් වෙත අභූත චෝදනා එල්ල කරන්නන්ට තමා කිසිසේත් බිය නොවන බවත් ශ්‍රී ලංකා සංචරණ (Sri Lanka Tourism) සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය පවසයි. සංචාරක ව්‍යාපාරයේ ඉදිරි වැඩ පිළිබඳව එම ක්ෂේත්‍රයේ නියතුවූවන් සමඟ අද (18) කොළඹ දී පැවති සාකච්ඡාවක දී ඇයි මේ බව කියා සිටියාය. පුද්ගලික අංශයෙන් තමා වැනි විශාල පිරිසක් රජය වෙනුවෙන් වැඩ කරන්න පැමිණ ඇත්තේ ජනාධිපතිතුමන් පිළිබඳ ඇති විශ්වාසය හා ගෞරවය පිළිබඳ නිසා බව පැවසූ කිමාලි ප්‍රනාන්දු මහත්මිය වැඩිදුරටත් අදාළ පර්ශවවලින් සහ රජයෙන් ඉල්ලා සිටියේ ‘කකුලෙන් අදින්නේ නැතිව‘ වැඩකරන්න අවස්ථාව ලබා දෙන ලෙසයි.

මෙහිදී පැමිණ සිටි පිරිස ඇමතූ ශ්‍රී ලංකා සංචරණ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය,

“ජනවාරි මාසයේ ඉඳලා අපි සංචාරක කර්මාන්තයේ වැඩසටහන පටන් ගත්තේ ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කොටස් 10 බලලා. ඇත්තටම ඒ වැඩපිළිවෙල ජනවාරි පටන් ගත්තේ ඉස්සෙල්ලාම තාක්ෂණය පාවිච්චි කරන්නේ කොහොමද කියලා බලලා. රෙජිස්ට්‍රේෂන් දැන් සියයට 100ක් ඔන්ලයින් රෙජිස්ට්‍රේෂන්ස්. දූෂණයෙන් තොර කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා සිස්ටම්, procedures ඔක්කෝම චෙක් කළා.  දූෂණය වෙච්ච තැන් ඇත්තටම බලලා, ගොඩාක් තැන් වෙනස් කළා.  ආයතන 4න් 3ක් ඇත්තටම එකතු කිරීමක් කරන්න act එක ආයෙත් හදාගෙන යනවා. ඒක හැදුවට පස්සේ මෙතන ඉන්න හැමෝටම draft එක දෙන්න යනවා. ඔයගොල්ලන්ගේ අයිඩියාසුත් දාලා ඒ draft එක හදන්න.“

“සිස්ටම් චෙන්ජ් එකක් කරන්න යනකොට ඒකට විරුද්ධ වෙන කට්ටියකුත් ඉන්නවා. සිස්ටම් චේන්ජ් එකක් කියන්නේ ලෙහෙසි දෙයක් නෙමෙයි ගොඩක් කට්ටියට. අවුරුදු 30ක් 40ක් කරපු දෙයක්නේ ඒ විදියටම. එතකොට මේ ආයතනයේ ගොඩාක් හොඳ කාර්යක්ෂම අවංකව වැඩකරන සේවකයෝ ඉන්නවා.  ඒ වගේම කණ්ඩායමක් ඉන්නවා, වැරදි වැඩ කරන කට්ටිය. චෝදනා තියෙන කට්ටිය කලබල වෙලා ඉන්නවා. ඒ වගේම ප්‍රයිවට් සෙක්ටර් එකෙත් මම දකිනවා, කලබල වෙලා තියෙනවා. මොකද සමහරක් ප්‍රයිවට් සෙක්ටර් කට්ටිය ඒගොල්ලන්ගේ විදියට තමයි කරගෙන යන්න ඕනේ කියලා සිස්ටම් එකක් හදාගෙන ඉඳලා තියෙනවා අවුරුදු 30ක් 40ක්. ඒ සිස්ටම් එක දැන් වෙනස් කරන්න ඕනේ. ඒක වෙනස් කරන කොට ඇතුලෙනුයි, එළියෙනුයි, ගැරඬියට භූමිතෙල් දැම්මා වගේ සමහර විට දඟලනවා. ඒ දඟලන දේට, ඒ අභියෝගයට අපි බයත් නැහැ, අභූත චෝදනාවලටත් අපි බය නැහැ. අපි ජනාධිපතිට තියෙන විශ්වාසයට, ජනාධිපතිට තියෙන ගෞරවයට තමා මේ කාර්යය කරන්න ආවේ. මම වගේ ගොඩාක් කට්ටිය ඇවිල්ලා තියෙනවා මේ ආණ්ඩුව වැඩකරන්න, ප්‍රයිවට් සෙක්ටර් එකෙන්. පඩියක් නැතුව. වාහනයක් නැතුව. ටෙලිෆෝන් බිලකුත් ගෙවාගෙන. වැඩකරන්නේ රටට ආදරය නිසා. ජනාධිපතිට තියෙන විශ්වාසය නිසා ඇත්තටම. ගොඩාක් කට්ටිය ආවේ ඒකට.“

“එතකොට සිස්ටම් චේන්ජ් කරන කොට ගොඩාක් කට්ටිය ආසයි. මම හිතන්නේ මෙතන ඉන්න ගොඩාක් කට්ටිය ආසයි. මම අද මේක arrange කළේ, 49ක් ඉන්නවා ඇසෝසියේන්ස්, සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ. තවත් කට්ටියක් තව ඉන්නවා, එළියේ. එතකොට මේ 49 දෙනාට කතාකරන්න අවස්ථාවක් මම සැලැස්සුවා අද.“

“සමහර කට්ටිය කියනවා ඒගොල්ලා veterans ලා කියලා. අවුරුදු 30ක් වැඩ කරාලු. tourism දන්නවාලු. හැබැයි මොකක්ද අපේ රටට වෙලා තියෙන වැඩේ. මාසයක්වත් පඩි ගෙවන්න බැරි තත්ත්වයක් තියෙනවා. ටුවර් ගයිඩ්ස්ලාට fees වැඩිකරන්න බැරි තත්ත්වයක් තියෙනවා. මේ වගේ සංචාරක ව්‍යාපාරයක් හදලා අපි ආඩම්බර වෙන්න බැහැ. අපි සංචාරක ව්‍යාපාරයක් හදන්න ඕනේ, මේගොල්ලන්ට ඉන්ෂුවරන්ස් තියෙන්න ඕනේ. පෙන්ෂන් තියෙන්න ඕනේ. ඔක්කෝම අපි දියුණු වෙන්න ඕනේ. එක්කෙනෙක් දෙන්නෙක් විතරක් නෙමෙයි.“

“අපි කියන්නං මේ මාස 7 අපි මොකක්ද කළේ. අනෙක් මාස ටිකට මොකක්ද කරන්න යන්නේ. අවුරුද්ද අන්තිමට ඔය ඔක්කෝමලාට අපේ performance ලියලා දෙනවා අපි.“

“This was our KPIs for this year. This is what we have achieved this year. This is what we couldn’t achieve this year. And why we couldn’t achieve. We can’t give excuses actually. President is not accepting excuses. We’re not prepared to give excuses. So what I’m asking all the industry stakeholders, and the government, three of us (Kimarli Fernando – Chairperson, Sri Lanka Tourism/ S. Hettiarachchi, Secretary – Ministry of Tourism/ Dhammika Wijesinghe – Director General of SLTDA) know what work has to be done, allow us to do it, permit us to do it, stand with us. Be part of the team.“

“සිංහලෙන් කියනවා නං, කකුලෙන් අදින්නේ නැතුව අපිට වැඩකරන්න දෙන්න. අපි ප්‍රයිවට් සෙක්ටර් එකෙන් ඇවිල්ලා තියෙන්නේ වැඩ කරන්න. වැඩකරන්න දන්නවා. මේවා අමාරු දේවලුත් නෙමෙයි ඇත්තම කියනවා නං.“



from රට තොට – Colombo Tribune https://ift.tt/2YiaqzW
tribune

No comments:

Post a Comment

Post Bottom Ad

Pages