ටික්ටොක් අමෙරිකාවේ ව්‍යාපාරික මෙහෙයුම් මිලදී ගන්න සුප්‍රසිද්ධ සමාගමක් කැමතියි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-11

ටික්ටොක් අමෙරිකාවේ ව්‍යාපාරික මෙහෙයුම් මිලදී ගන්න සුප්‍රසිද්ධ සමාගමක් කැමතියි

ටික්ටොක් මෘදුකාංගයේ අමෙරිකාවේ ව්‍යාපාරික මෙහෙයුම් මිල දී ගැනීමට සුප්‍රසිද්ධ සමාජ ජාලා මාධ්‍ය සමාගමක් වන ට්වීටර් කැමැත්ත ප්‍රකාශ කර ඇත. එම සමාගම මේ සඳහා ටික්ටොක් මවු සමාගම වන බයිට්ඩාන්ස් වෙත ප්‍රවේශයක් සකසා ගෙන තිබේ. මෙසේ වීඩියෝ හුවමාරු කරන මෘදුකාංගයක් වන ටික්ටොක් කොටස් මිල දී ගැනීම ගැන පසුගිය සති කිහිපයේ දී පුළුල් කතිකාවක් ඇති වී තිබුණි.

මයික්‍රොසොෆ්ට් සමාගම ද ටික්ටොක් කොටස් මිල දී ගැනීමට කැමැත්ත පළ කර තිබූ අතර වඩාත් ගැළපෙන කොටස්කරුවා ලෙස ටිවීටර් සුදුසුයැයි කතාබහක් ඇති වී තිබේ. එහෙත් දින 45ක් ඇතුළත තීරණය කොට අවසන් කළ යුතු මේ ගනුදෙනුව සිදු කිරීමට ට්විටර් ශක්තිමත් දැයි වෝල් ස්ට්‍රීට් ජර්නල් සැක පහළ කොට ඇත.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages