කර්මාන්ත ක්ෂේත්‍රයට රොබෝ තාක්ෂණය - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-31

කර්මාන්ත ක්ෂේත්‍රයට රොබෝ තාක්ෂණය

ඇමැති විමල් වීරවංශ

කර්මාන්ත ක්ෂේත්‍රයට රොබෝ තාක්ෂණය යොදා ගන්නා බව කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ පසුගිය 26 වැනිදා කර්මාන්ත අමාත්‍යාංශය හා ඊට අයත් රාජ්‍ය අමාත්‍යාංශ යටතේ පවතින ආයතනවල ප්‍රධානීන් සහ සභාපතිවරුන් සමඟ පැවති විශේෂ රැස්වීමකදීය.

බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර, වේවැල් පිත්තල මැටි ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන ඇමැති ප්‍රසන්න රණවීර මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

‘සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව සකස් කළ පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නංවමින් දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය නඟාසිටුවීමත්, වසා දමා ඇති කර්මාන්ත යළි ආරම්භ කිරීමටත්, නව කර්මාන්ත ආරම්භ කිරීමටත්, පවතින කර්මාන්ත වඩාත් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස පවත්වාගෙන යෑමටත් මෙහිදී සාකච්ඡා කළා.

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මසකට ලොරි රථ 50 බැගින් සෑම මාසයකදීම නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සැලසුම් මේ වන විටත් සකස් කර තිබෙනවා. ලංකාවට අවශ්‍ය බස් රථ නිෂ්පාදනය කිරීමට සියලු කටයුතු සූදානම්. එමඟින් බස් රථ ආනයනයට වැය කරන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට ඉතිරි කර ගත හැකියි.

රොබෝ තාක්ෂණය කර්මාන්ත ක්ෂේත්‍රයේ වඩා ඵලදායී ලෙස යොදා ගන්නවා. ඉදිරියේදී කර්මාන්කරුවන්ට තම නිෂ්පාදන සඳහා අවශ්‍ය සියලු ආකෘති ලංකාවේම නිර්මාණය කරගැනීමට හැකි වෙනවා. අපේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා සිමෙන්ති සංස්ථාව විසින් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සකස් කර ඇති සැලසුම ඉතා ඉක්මනින් ක්‍රියාවට නංවා ලංකාවට අවශ්‍ය සිමෙන්ති දේශීයවම නිෂ්පාදනය කිරීමට කටයුතු කරනවා. මෙහිදී අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල සභාපතිවරුන් ඉදිරිපත් කළ විවිධ ගැටලුවලට අවධානය යොමු කළා. එම ගැටලුවලට ඉතා ඉක්මනින් විසඳුම් ලබාදීමට කටයුතු කරනවා.‘

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා ද, ආයතන ප්‍රධානීන්, සභාපතිවරුන් අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

 

 රක්ෂණ ශ්‍රියන්ත

No comments:

Post a Comment

Post Bottom Ad

Pages