සම්පායෝ ඇල්ලුවද? භාර වුණාද? රැකවරණය දුන් පුද්ගලයනුත් සොයයි! - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-07

සම්පායෝ ඇල්ලුවද? භාර වුණාද? රැකවරණය දුන් පුද්ගලයනුත් සොයයි!

මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඇතුළු සිව්දෙනාට දින ගණනාවක් සැඟවී සිටීමට රැකවරණ සැපයූ පුද්ගලයන් කවුරුන්ද? යන්න පිළිබඳ විමර්ශනයක් කර වාර්තා කරන ලෙසට නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ (6 වැනිදා) උපදෙස් දී තිබේ.

මීගමුව බන්ධනාගාරයේ සිදුවූ දූෂණ ක්‍රියාවන් සම්බන්ධයෙන් මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගත්තාද? නැත්නම් ඔහු පොලිසියට භාර වුණාද? යන්න පිළිබඳව වාර්තා කරන ලෙසද නීතිපති දප්පුල ද ලිවේරා, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට උපදෙස් ලබාදී තිබේ.

අධිකරණය මගින් වරෙන්තු නිකුත් කළ කාලසීමාවේදී සැකකරුවන්ගේ ජංගම දුරකථන වාර්තා විශ්ලේෂණය කර, ඔවුන්ට රැකවරණය සැපයූ අය සොයා ගැනීමට පියවර ගන්නා ලෙසද නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න සඳහන් කළාය. මීගමුව බන්ධනාගාරයේ තිබී සොයාගත් තහනම් භාණ්ඩ අතර තිබූ සංවේදී ඉලෙක්ට්‍රොනික් තරාදිය භාවිත කරමින් බන්ධනාගාර නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇද්ද? මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ආධාර අනුබල දී ඇත්ද? සැකකාර නිලධාරීන්ගේ අනාවරණය වන වත්කම් අනුව ඔවුන් මුදල් විශුද්ධීකරණ පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇද්ද? යන්න පිළිබඳව විමර්ශනය කර වාර්තා කරන ලෙසද නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

මීගමුව බන්ධනාගාරයේ අධිකාරිවරයා ලෙස කටයුතු කළ අනුරුද්ධ සම්පායෝ, එහි ප්‍රධාන ජේලර්වරුන් වන උපාලි සරත් බණ්ඩාර, නිශාන්ත සේනාරත්න, ජේලර් කාලිංග කළුඅග්ගල නමැති නිලධාරීන් සිව්දෙනා අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කළේය. සම්පායෝ අධිකරණයට ඉදිරිපත් කළේ ඉන් දින 11කට පසුවය. මෙලෙස ඔහු අල්ලන්න නිකුත් කළ අධිකරණ නියෝගය වහාම ක්‍රියාත්මක නොකිරීමට හේතු ඉදිරිපත් කරන ලෙසද නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට වැඩිදුරටත් උපදෙස් දෙමින් දැනුම් දී තිබේ.



from රට තොට – Colombo Tribune https://ift.tt/30yAPLA
tribune

No comments:

Post a Comment

Post Bottom Ad

Pages