ප‍්‍රංශය මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-11

ප‍්‍රංශය මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කරයි

ප්‍රංශයේ එළිමහන් ස්ථානයන්හිදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇත. 
 
යුරෝපා කලාපය තුළ යළිත් වරක් කොරෝනා වෛරසය හිස එසවීම මෙම තීරණයට බලපා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
විශේෂයෙන් පැරීසිය ඇතුළු සංචාරක ස්ථාවල දී මුහුණු ආවරණ අනිවාර්ය කර ඇතැයි එරට බලධාරීන් සදහන් කර තිබේ. ඊයේ සිට මෙම නීතිය ක්‍රියාත්මක වේ. 
 
වයස අවුරුදු 11ට වැඩි ඕනෑම කෙනෙකු මුහුණු ආවරණයක් නොමැතිව හසු වුවහොත් ඩොලර් 135 ($ 159) ක දඩයකට යටත් වේ.
 
මෑත සති කිහිපය තුළ  කොවිඩ් -19 ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති යුරෝපීය රටවල් කිහිපයෙන් එකක් වන්නේ ප්‍රංශයයි. පසුගිය සිකුරාදාවන විට ප්‍රංශයෙන් වාර්තා වී ඇති නව ආසාදිතයන් ගණන 2,288 කි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages