ශ්‍රී ලංකාවේ එච්.අයි.වී ආසාදිත පිරිමි සංඛ්‍යාවේ ඉහළ යාමක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-30

ශ්‍රී ලංකාවේ එච්.අයි.වී ආසාදිත පිරිමි සංඛ්‍යාවේ ඉහළ යාමක්

ශ්‍රී ලංකාවේ එච්.අයි.වී ආසාදිත පිරිමි රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.
 
ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය රසන්ජලී හෙට්ටිආරච්චි මහත්මිය  පැවසුවේ ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 19-25 අතර වයස්වල පසුවන එච්.අයි.වී ආසාදිත පිරිමින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.
 
රට පුරා සිටින එච්.අයි.වී රෝගීන් සම්බන්ධයෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග / ඒඩ්ස් මර්දන වැඩසටහන මගින් කරන ලද පරීක්ෂණවලින් අනතුරුව සංඛ්‍යාලේඛන එක්රැස් කර ඇති බව ඇය පැවසුවාය.
 
විද්‍යාත්මක ප්‍රක්ෂේපණ අනුව 2020 වසර වන විට මෙරට තුල HIV ආසාදිතයින් 3600 පමණ සිටියි.
 
කෙසේ වෙතත් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටනේ සායන වල ලියාපදිංචි වී ප්‍රතිකාර ලබන්නේ ඉන් පුද්ගලයින් 2000 පමණි.
 
ඉතිරි පුද්ගලයින් 1600 ක ප්‍රමාණයක් තමන් ආසාදිතයෙකු බව නොදැනම සමාජයේ අන් අය සමග මුහුවෙමින් සිටිය හැකි බවයි විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි සඳහන් කළාය.
 
ඒ හේතුවෙන් නීරෝගී පුද්ගලයින්ටද එච්.අයි.වී ආසාදනය වීමේ අවදානම පවති.
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages