“මරන සංඛ්‍යාව දැවැන්ත වනු ඇත” වෛද්‍ය ඇන්තනි ෆවුසි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-16

“මරන සංඛ්‍යාව දැවැන්ත වනු ඇත” වෛද්‍ය ඇන්තනි ෆවුසි.

“ලෝකයේ සෑම කෙනෙකුටම රෝගය වැලඳුනහොත් කුමක් සිදුවේ ද? එය නිකම්ම පහව යනවාද? ” ෆවුසි නිශ්චිතවම අනතුරු ඇඟවූයේ, “සෑම කෙනෙකුටම එය ආසාදනය වුවොත්  බොහෝ දෙනෙක් මිය යනු ඇත.”

ඊට පෙර දින, රෝග පාලනය හා වැලැක්වීමේ මධ්‍යස්ථාන (සීඩීසී CDC) අධ්‍යක්ෂ රොබට් රෙඩ්ෆීල්ඩ්, වෙබ්එම්ඩී WebMD සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී එලෙසින්ම අනතුරු ඇඟවූයේ, “අපට එලඹෙන සෘතුවේ COVID ඇති වීමට ඉඩ ඇතිවාක් මෙන්ම එලඹෙන සෘතුවේ උන රෝගය ද ඇති වනු ඇත” යනුවෙනි. “මහජන සෞඛ්‍ය පිලිබඳ දෘෂ්ටි කෝනයෙන් බලන කල, අප මෙතෙක් මුහුන දෙන දරුනුම සෘතුව” එය විය හැකිය. මේ දෙකේම සංයෝජනය අපට හැසිරවිය හැකි ප්‍රමානයට වඩා වැඩි වන බැවින් “ඇතැම් රෝහල් පද්ධති අපහසුතාවට පත්වීමට” බොහෝ දුරට ඉඩ ඇත.

හැම විටම සිදුවන පරිදි, ෆවුසිගේ අඩු තක්සේරුව පවා, රටට හෝ ලෝක ජනගහනයට වෛරසය ආසාදනය වීමට ඉඩ හැරීමෙන් ලබා ගන්නා “රංචු ප්‍රතිශක්තිය” පිලිබඳ ඕනෑම ප්‍රතිපත්තියක ආසන්න අවදානම ගෙනහැර දක්වයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දී ඇති COVID-19 හි මරන අනුපාතය පිලිබඳ වර්තමාන අඩු අගය සියයට 0.6 ක් වන අතර, මේ ආකාරයෙන් (herd immunity) රෝගය පැතිරීම වැලැක්වීම සඳහා අවම වශයෙන් ජනගහනයෙන් අඩකටවත් වෛරසය ආසාදනය විය යුතුය. එකට ගත් කල මෙයින්, එක්සත් ජනපදය තුල පමනක් 993,000 කට වැඩි සංඛ්‍යාවක් ඇතුලුව වසංගතයෙන් ලොව පුරා අවම වශයෙන් මිලියන 23 ක් මිය යනු ඇත.

ෆවුසි පවසන පරිදි, “මරන සංඛ්‍යාව දැවැන්ත වන අතර එය කිසිසේත්ම පිලිගත නොහැකිය.” එක්සත් ජනපදයේ වර්තමාන මරන සංඛ්‍යාව 171,000 ඉක්මවන අතර රෝගීන් මිලියන 5.4 කි. මෙය දැනටමත් අතිවිශාල සංඛ්‍යාවකි. රංචු ප්‍රතිශක්තිකරනය පිලිබඳ අවම තක්සේරුව ලබා ගැනීම සඳහා, දැනට තක්සේරු කර තිබෙන මුලු ප්‍රමානයට වඩා හය ගුනයකින් වැඩි මරන සංඛ්‍යාවක් අවශ්‍ය වේ.

ෆවුසි සහ මැකෝනාගී අතර සම්මුඛ සාකච්ඡාව, එක්සත් ජනපදයේ මරන සංඛ්‍යාව පිලිබඳ සීඩීසියේ නව ඇස්තමේන්තු නිකුත් කල දිනයේම සිදු විය. සෑම ප්‍රාන්තයකම දෛනික මරන අනුපාතය ස්ථාවර හෝ තරමක් අඩු වුවත්, සැප්තැම්බර් පලමු සතිය වන විට වාර්තාගත මරන සංඛ්‍යාව 200,000 ක්  වනු ඇතැයි එය පුරෝකථනය කර තිබේ. මරන අනුපාතය යලි ඉහල යාමට පටන් ගතහොත්, කම්කරු දිනය වන විට මරන 225,000 ක් පමන විය හැකිය. සීඩීසී ඇස්තමේන්තුවට සෞඛ්‍ය මිනුම් හා ඇගයීම් Health Metrics and Evaluation, ආයතනයේ ඇස්තමේන්තුව ඇතුලත් වන අතර, පසුගිය සතියේ එය අනාවැකි පල කලේ, දෙසැම්බර් 1 වන විට පුද්ගලයින් 295,000 ක් මිය යනු ඇති බවටයි.

The post “මරන සංඛ්‍යාව දැවැන්ත වනු ඇත” වෛද්‍ය ඇන්තනි ෆවුසි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages