විග්නේශ්වරන්ට අවශ්‍ය වන්නේ ජාතිවාදය ඉස්මතු කිරීම පමණයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-31

විග්නේශ්වරන්ට අවශ්‍ය වන්නේ ජාතිවාදය ඉස්මතු කිරීම පමණයි

රාජ්‍ය ඇමැති ඩී. වී චානක

දෙමළ ජනතාවගෙන් ගිලිහෙමින් යන විශ්වාසය යළිත් රැකගැනීමට, විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානය ජාතිවාදය වැපිරීමට පටන්ගෙන ඇතැයි ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය ඇමැති ඩී. වී චානක මහතා පවසයි.

නව පාර්ලිමේන්තුව ආරම්භ කළ මුල්ම දිනයේදීම ජාතිවාදය ඇවිස්සීමට ඔවුන් සූක්ෂම ආකාරයට අඩිතාලම දැමූ බවත් එහෙත් යහපාලන ආණ්ඩුවේ නායකයන් සේ වත්මන් ආණ්ඩුවේ නායකයන් ජාති වාදය වැපිරීමට ඉඩ ලබා නොදෙන බවත් හෙතෙම කීවේය.

විග්නේෂ්වරම්ලාගේ ජාති වාදයට එරෙහිව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සේම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද නැගී සිටිනු ඇතැයි තමන් විශ්වාස කරන බව පසුගියදා සිය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

කොරෝනා වසංගතයේදී ලෝකයේ දියුණු යැයි පවසන රටවල් පවා ආර්ථික අතින් කඩා වැටෙද්දී ඊට නොබියව මුහුණ දෙමින් සිය ආර්ථිකය ආරක්ෂා කරගැනීමට වත්මන් රජය සමත් වුණ බව ඒ මහතා කීවේය.

රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

කුරිරු ත්‍රස්තවාදය අවසන් කළා වගේම ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා දකුණට වගේම උතුරේ ජනතාවටත් ඡන්ද අයිතිය ලබා දෙන්න රාජපක්ෂවරුන් සමත් වුණා. එහෙත් අද වන විට යළිත් වරක් ඒ නිදහස්ව හා සාමකාමීව තිබෙන රට ජාතිවාදය කරා ඇදගෙන යන්න විග්නේෂ්වරම් මන්ත්‍රීවරයා ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානය කටයුතු කරමින් ඉන්නවා. මේ අය එක පැත්තකින් පළාත් සභාවට වැඩි බලයක් ඉල්ලන ගමන් අනිත් පැත්තෙන් යහපාලන ආණ්ඩුව කාලේ පළාත් සභා කල් දාන්න ගෙනාව යෝජනාවට අත ඔසවලා ඡන්දය ලබාදුන්නා.මේ අයට ප්‍රජාත්නත්‍රවාදය ඕනේ නැහැ, සාමය ඕනේ නැහැ. මේ අයට අවශ්‍ය එකම දේ ඔවුන්ගේ ගිලිහිලා ගිය මන්ත්‍රීධූර සංඛ්‍යාව තව තවත් ගිලිහෙලා යන එකෙන් ආරක්ෂා කරගැනීම විතරයි. දෙමළ ජාතික සන්ධානය පාරම් බෑවේ දෙමළ ජනතාව වෙනුවෙන් ඉන්න එකම නියෝජිතයෝ ඒ අය කියලා. එහෙත් අද වන විට ඒ තත්ත්වය වෙනස් වෙලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක පසුගිය මහ මැතිවරණයට තරග කළ පිරිසගෙන් 11 දෙනෙක් ජයග්‍රහණය කරලා මන්ත්‍රීධූර දිනාගත්තා. ඒ මැතිවරණයෙන් දෙමළ ජාතික සන්ධානයට දිනාගන්න පුළුවන් වුණේ මන්ත්‍රීධූර දහයයි. මේ අයට අපේ මන්ත්‍රීධූර 11 දකින කොට දරාගන්න බැරි වෙලා තිබෙනවා. දැන් ඉස්සරහට එන්න ක්‍රමවේද හොයනවා. අන්න එතකොට දැක්කා එක්කම දේ තමයි යළිත් ජාති වාදය වපුරන්න ඕනේ කියලා. ඒ ජාති වාදයෙන් දෙමළ ජනතාවගේ ඔළුවට විෂබීජ දාන්න ඕනේ කියලා. විග්නේෂ්වරම් මහත්මයා ඉතිහාසය ගැන කතා කරනවා. ඉතිහාසය ගැන එතුමට හරියට දැනගන්න අවශ්‍ය නම් ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා ගම්මන්පිල ඇමැතිවරයා අභියෝග කළා. මේ අයට එහෙම අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍ය එකම දේ ජාති වාදය ඉස්මතු කරන එක විතරයි. විග්නේෂ්වරම් මහත්මයා මහ ඇමැතිවරා විදියට ඉද්දි ඒ පළාත් සභාවට ආව ප්‍රතිපාදන සියයට අසූවක්ම යළිත් භාණ්ඩාගාරයට හරවලා යැව්වා. ඉන් උතුරු පළාතට ලබාගන්න තිබුණ සංවර්ධනය අහිමි කෙරුවා. එතුමන්ලගේ පටු අරමුණු ජයග්‍රහණය කරගන්න උතුරේ ජනතාවට භුක්ති විදින්න තිබුණ සංවර්ධනය නැති කළා.

අද පාර්ලිමේන්තුවට ඇවිත් දෙමළ ජනතාව ගැන කැක්කුමෙන් කතා කරන නායකයන්ගේ දරුවෝ ඉගෙන ගන්නේ පිටරටවල. ඒ අයට දෙමළ කතා කරන්න බැහැ, ලියන්න බැහැ.ඒ අය සැපවත් ජීවිත ගත කරනවා. එහෙම ගත කරන ගමන් උතුරේ තරුණ තරුණියන්ගෙන් ඒ අයිතීන් උදුරු ගන්නවා. හැබැයි විග්නේෂ්වරම් මන්ත්‍රීවරයා එක් දෙයක් මතක තියා ගත යුතුයි. ඒ තමයි අද මේ රට පාලනය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ මහත්වරුන් මිසක් යහපාලන ආණ්ඩුව පාලනය කළ දණින් වැටෙන නායකයන් නෙවෙයි. ඒ නිසා එක එක කඳ පණුවන්ට ඕන විදියට මේ රට කන්න දෙන්නේ නැහැ.

 

නුවන් කොඩිකාර

No comments:

Post a Comment

Post Bottom Ad

Pages