අමෙරිකා තානාපති සහ අගමැති නව රජයේ ප්‍රමුඛතා ගැන සාකච්ඡාවක - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-18

අමෙරිකා තානාපති සහ අගමැති නව රජයේ ප්‍රමුඛතා ගැන සාකච්ඡාවක

ආර්ථික, වාණිජ, පාලනය, ආරක්ෂාව සහ සංවර්ධනය ඇතුළු අංශ ගණනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට එක්සත් ජනපදය උනන්දු වෙයි. මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී ය. 
 
අරලියගහ මන්දිරයේ දී ඊයේ(17) සවස මෙම සාකච්ඡාව පැවැත්වුනි.  
 
පළමුවෙන් තානාපතිවරියා අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුවාය. මහ මැතිවරණය නිදහස්, සාධාරණ හා සාමකාමී ආකාරයකින් පැවැත්වූ බව ද සඳහන් කළාය. 
 
නව රජය සමඟ වැඩ කිරීමට බලාපොරොත්තු වන බවද තානාපතිවරිය පැවසුවාය.
 
නව රජයේ ප්‍රමුඛතා පිළිබඳව පැහැදිලි කරමින් අගමැති රාජපක්ෂ මහතා කියා සිටියේ COVID-19 වසංගතයේ බලපෑම හේතුවෙන් ආර්ථික ප්‍රකෘතිය වර්තමානයේ ප්‍රධාන ප්‍රමුඛතාවය බවයි.
 
රැකියා අවස්ථා සඳහා තරුණ තරුණියන් වඩාත් හොඳින් සූදානම් කිරීම සඳහා රට පුරා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා අමෙරිකාවට, ශ්‍රී ලංකාවට සහාය ලබා දිය හැකි බව අග්‍රාමාත්‍යවරයා යෝජනා කළේය. එහිදී ටෙප්ලිට්ස් මහත්මියා කියා සිටියේ ඒ සදහා බොහෝ අවස්ථාවන් පවතින බවය.
 
සංවර්ධන අංශය පිළිබඳව සාකච්ඡා කිරීමේදී අගමැතිවරයා තානාපතිවරියට දන්වා සිටියේ ජනගහනයේ ඇතැම් අංශ සහ රටේ ඇතැම් ප්‍රදේශවල මූලික පහසුකම් නොමැති බවයි. නිදන්ගත වකුගඩු රෝගයට ප්‍රධාන හේතුවක් වන්නේ අනාරක්ෂිත පානීය ජලය බව සඳහන් කරමින් රටේ ඇතැම් ප්‍රදේශවල ආරක්ෂිත පානීය ජලය අවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
 
ශ්‍රී ලංකාවට නව ආයෝජන ගෙන ඒම, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ පාලනය ආශ්‍රිත ව්‍යාපෘති සඳහා සහාය වීම සහ ත්‍රස්තවාදය, මිනිසුන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම සහ අන්තර්ජාතික අපරාධ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් ආරක්ෂක අංශයට සහයෝගය දැක්වීම යන කරුණු ද මෙහිදී සාකච්ඡා කරන ලදී.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages