දේශීය ශල්‍ය ගෝස් නිෂ්පාදකයා කබලෙන් ලිපට… රජයේ ප්‍රතිපත්තියට වැට බඳින නිලධාරී මාෆියාවක්? - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-20

දේශීය ශල්‍ය ගෝස් නිෂ්පාදකයා කබලෙන් ලිපට… රජයේ ප්‍රතිපත්තියට වැට බඳින නිලධාරී මාෆියාවක්?

නව රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දේශීය නිෂ්පාදකයා හා දේශීය කර්මාන්ත නඟාසිටුවීම මුලික අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම නව රජයේ අමාත්‍යවරුන්ද නිත ප්‍රකාශ කරන කරුණක්. පසුගියදා දේශීය කුඩා කර්මාන්ත පිළිබඳව පැවැත්වුණු සාකච්චාවකදීද ජනාධිපතිවරයා අවධාරණය කලේ සාම්ප්‍රදායික කර්මාන්ත කෙරෙහි සංවේදී නොවන නීති සකස් කිරීමෙන් එම කර්මාන්ත මෙන්ම දේශීය කර්මාන්තකරුවාගේ ජන ජිවිතය ද බිඳ වැටි ඇති බැවින්වැ රදි කරන සුළු පිරිසක් නිසා නීත්‍යානුකූලව කර්මාන්තවල නිරත ජනතාව අසරණ නොකළ යුතු බවයි.

නමුත් රජයේ හා ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තියට පිටින් ක්‍රියාකරන රාජ්‍ය නිලධාරීන් පිරිසකගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා දේශීය ශල්‍ය ගෝස් නිෂ්පාදකයා කබලෙන් ලිපට වැටෙන තත්වයකට පත්ව තිබීම කනගාටුවට කරුණකි. සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය විසින් මෙරට සෞඛ්‍ය සේවයට අවශ්‍ය ශල්‍ය ගෝස් 100%ක් දේශීය නිෂ්පාදකයින් හරහා මිලදී ගත් අතර අත්යන්ත්‍ර පේෂකර්මාන්තය හරහා කුඩා පරිමාන ව්‍යාපාර ලෙස අදාල නිෂ්පාදන සකස් කරනු ලැබුවා. නමුත් මේ වනවිට මහා පරිමාන ව්‍යාපාරිකයින්ගෙන් මෙම නිෂ්පාදන මිලදී ගැනීම සඳහා පිඹුරුපත් සැකසෙමින් තිබෙන අතර එහි අරමුණ වන්නේ මේ හා සම්බන්ධ නිලධාරීන් හා  මහා පරිමාන ව්‍යාපාරිකයින් අතර සිදුවන අතයට ගනුදෙනු බවයි කියවෙන්නේ.

මෙයට මුලපිරීමක් වශයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය ශල්‍ය ගෝස්  ප්‍රමාණය මිලියන 36ක් වුවත් මෙවර දේශීය නිෂ්පාදකයින් සඳහා ලබා දී ඇති සලාකය මිලියන 24ක් පමණක් බවට නිවේදනය කර ඇති අතර ඉතිරි මිලියන 12 වෙනත් මාර්ගයකින් ලබා ගන්නට නිලධාරීන් සැලසුම් සකස්කරමින් සිටිනවා.

තවද දේශීය නිෂ්පාදකයින්ට මීට පෙර මිලදී ගැනීම් සදහා ලැබියයුතු මුදල් හෝ චෙක්පත් මෙතෙක් ලබා දී නොමැති අතර හදිසියේ එම නිෂ්පාදකයින්ගේ තොරතුරු එක්රැස් කිරීමක් සිදු කරන බව පවසමින් අදාළ ගෙවීම් මෙන්ම මීළඟ කාල සීමා සඳහා අවශ්‍ය සලාක පිළි බඳව ඇනවුම් ලබා දීමද කල් දමමින් තිබෙනවා. මෙහි යටි අරමුණ දේශීය නිෂ්පාදකයාට යලි ශල්‍ය ගෝස් නිපදවීමට ඇති හැකියාව අඩපන කොට ඔවුනගේ සැපයීමේ ධාරිතාවය හා හැකියාවේ ඇති ගැටළු පෙන්වා දෙමින් මහා පරිමාන ශල්‍ය ගෝස් නිෂ්පාදකයින්ට හා ආනයනකරුවන්ට මාර්ගය පැදීම බවයි විශ්වාස දායක ආරංචිමාර්ග පවසන්නේ.

රජය දේශීය කර්මාන්ත හා නිෂ්පාදන දිරි ගන්වමින් දේශීය ආර්ථිකය ගොඩනගන්නට උපරිම උත්සාහයක් දරමින් සිටින සමයක එය තුට්ටුවකට මායිම් නොකරන සෞඛ්‍ය සැපයුම් අංශයේ ඉහල නිලධාරීන් මෙසේ හැසිරෙන්නේ ඇයිද යන්න අපට මෙන්ම ජනතාවටද ඇති ගැටලුවයි. යහපාලන ආණ්ඩුවේ අමතිලාගෙන් පත්වීම් ලද අදාළ බලධාරීන් රජය අපහසුතාවයට පත් කොට හෝ තමන්ගේ සාක්කු පුරවා ගන්නට දත කන හඩක් පෙනෙන්නේට තිබෙන බැවින් අපට කියන්නට ඇත්තේ අදාළ විෂය භාර අමාත්‍යවරයා වහාම මේ පිළිබඳව සොයා බලා කඩිනම් පියවරක් ගතයුතු බවයි.

රටට අවශ්‍ය සේලයින් නිපදවන්නට දේශීයව උත්සාහ දරමින් සිටින සහ රටට අවශ්‍ය අ ඖෂධ දේශීය නිපදවා ජාතික ධනය ඉතිරි කිරීමට උත්සාහ දරන මහාචාර්ය චන්න ජයසුමන ඇමතිතුමනි දේශීය ශල්‍ය ගෝස් නිෂ්පාදකයින් ආරක්ෂා කරගෙන ඔවුනට නව තාක්ෂනය සහිත උපකරණ හා යන්ත්‍රසුත්‍ර සපයා ගැනීමට පහසුකම් ලබාදී එම කර්මාන්තය රැක ගැනීමට කටයුතු කිරීම ඔබේ ප්‍රමුඛ වගකීමයි. එක එක නිලධාරීන්ට ඕනෑ විදියට කොමිස් මුදලට ඩීල් දමන්නට ඉඩ ලබා නොදී වහාම දුෂිතයින් ඉවත්කොට දේශීය ආර්ථිකයක් ගොඩනගන රජයේ ප්‍රතිපත්තියට අනුව වැඩ කරන නිලධාරීන් පත් කොට සෞභාග්‍යයේ දැක්ම අනුව වෛද්‍ය සැපයුම් අංශයද ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නඟන්න…

 



from රට තොට – Colombo Tribune https://ift.tt/3kVgBDM
tribune

No comments:

Post a Comment

Post Bottom Ad

Pages