කෝට්ටේ රාජමහා විහාරයේ ශ්‍රී දළදා පෙරහරට ජනපති එක් වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-31

කෝට්ටේ රාජමහා විහාරයේ ශ්‍රී දළදා පෙරහරට ජනපති එක් වෙයි

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ වාර්ෂික ශ්‍රී දළදා මහා පෙරහර මංගල්‍යයේ අවසන් පෙරහර පෙරේදා (29) රාත්‍රියේ විදී සංචාරය කළේය.

විහාර මන්දිරය වෙත සධාතුක කරඬුව වැඩමවීම ඇමැති නාමල් රාජපක්ෂ මහතා අතින් සිදු කෙරිණ. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිමියෝ අනුශාසනාව සහ විහාරාධිපති අළුත්නුවර අනුරුද්ධ හිමියෝ ආගමික වතාවත් කළහ.

අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කෙරිණ. එහිදී ජනාධිපතිවරයා නිලමේවරුන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages