අමෙරිකානු ආරක්ෂක ලේකම් හා ශ්‍රී ලංකා ජනපති දුරකථන සාකච්ඡාවක - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-31

අමෙරිකානු ආරක්ෂක ලේකම් හා ශ්‍රී ලංකා ජනපති දුරකථන සාකච්ඡාවක

ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා පුළුල් කිරීමට සහ දෙරට අතර අන්‍යොන්‍ය සහයෝගිතාවය වර්ධනය සම්බන්ධයෙන් අමෙරිකානු ආරක්ෂක ලේකම් මාක් ටී. එස්පර් මහතා, ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඊයේ දිනයේදී දුරකථනයෙන් කතාබහක නිරතව තිබේ.   
 
COVID-19 වසංගතය සාර්ථකව හසුරුවා ගැනීම සහ මෑතකදී පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීම පිළිබඳව අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා විසින් ජනාධිපතිවරයාට සුබ පතුම් එක් කොට ඇත. ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳ අඛණ්ඩ ප්‍රගතියක් සම්බන්ධව ඉල්ලා තිබේ.
 
සියලු ජාතීන්ගේ ස්වෛරීභාවය සහතික කරන නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා ඔවුන්ගේ හවුල් කැපවීම පිළිබඳව නායකයන් දෙදෙනා සාකච්ඡා කළ බවයි අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සදහන් කරයි.
 
ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීකරණය, මිලිටරි වෘත්තීයකරණය, ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියා කිරීම සහ සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීමට ඇති අවස්ථා සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කොට ඇත.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages