ඖෂධ නිෂ්පාදන, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් කේ. එම්. උඩුවාවල - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-31

ඖෂධ නිෂ්පාදන, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් කේ. එම්. උඩුවාවල

ඖෂධ නිෂ්පාදන, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරයා ලෙස කේ. එම්. උඩුවාවල මහතා වැඩ භාරගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පසුගියදා (28) සිදු කෙරිණි.

හා සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහත්වරුන් ඉදිරියේදී සුබ මොහොතින් නව ලේකම්වරයා වැඩ භාරගැනීම සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙසේ පැවැසීය.

‘තත්ත්වයෙන් උසස් ඖෂධ රෝගී ජනතාව වෙත ලබාදීම ජනාධිපතිවරයා, අගමැතිවරයා, සෞඛ්‍ය ඇමැතිවරිය ඇතුළු සියලු දෙනා මේ අමාත්‍යාංශයෙන් බලාපොරොත්තු වෙනවා. මෙය භාරදූර කර්තව්‍යයක්. එම කර්තව්‍යය අකුරටම ඉෂ්ට කිරීමට අප සියලු දෙනා කැපවීමෙන් කටයුතු කළ යුතුයි. ඖෂධ සම්බන්ධයෙන් රටේම අවධානය යොමුව තිබෙනවා. පාර්ලිමේන්තුවේදී වාද විවාද ගණනාවක් ඖෂධ පිළිබඳව සිදු වූණා. තත්ත්වයෙන් උසස් ඖෂධ රෝගී ජනතාව වෙත ලබාදීමේ දී නිලධාරීන් ලෙස කළ යුතු කටයුතු අවංකව ලබා දීමට පියවර ගත යුතුයි. විශාල වශයෙන් මුදල් ගනුදෙනු සිදු වන ස්ථානයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් විවිධ මතවාද පවතිනවා. කුමන මතවාදයක් පැවැතිය ද තම තමන් අවංකභාවයෙන්, කැපවීමෙන් කටයුතු කරන්නේ නම් ඒ සියලු මතවාද පරාජයට පත් කළ හැකියි.

සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, අතිරේක ලේකම් (පාලන 1) කාන්ති ගුණවර්ධන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

සන්ධ්‍යා කරුණාරත්න

No comments:

Post a Comment

Post Bottom Ad

Pages