කාන්තා එක්දින ලෝක කුසලානයත් වසරකින් කල් යයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-10

කාන්තා එක්දින ලෝක කුසලානයත් වසරකින් කල් යයි

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ අයිසීසී කාන්තා එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලිය කොවිඩ් වසංගතය හේතුවෙන් අවලංගු කිරිමෙන් ලබන වසරට සැලසුම් කර ඇති කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය තවත් වසරකින් කල් දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත. කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා දැනටමත් කණ්ඩායමත් 5ක් සුදුසුකම් ලබා සිටින අතර, ඉතිරි කණ්ඩායම් 3 තෝරා ගැනීම සඳහා පසුගිය ජූලි මාසයේදී එම සුදුසුකම් ලැබීමේ තරගාවලිය පැවැත්වීමට නියමිත විය.

ශ්‍රී ලංකාව සමඟ බංග්ලාදේශය, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්තය, තායිලන්තය, සිම්බාබ්වේ, නෙදර්ලන්තය සහ පැපුවා නිව්ගිනියා කණ්ඩායම් සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව තිබිණි. ඒ අනුව ලබන වසරේ පෙබරවාරි මස නවසීලන්තයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය 2022 වසරේ පෙබරවාරිය දක්වා කල් දැමීමට අයිසීසීය තීරණය කළේය. කෙසේ වෙතත් ඒ සඳහා පවත්වනු ලබන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා මෙතෙක් දින නියම වී නැත.

නවසීලන්තය සමග ඔස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages