කඹ ඇදීමේ දිස්ත්‍රික් ශූරතා කුරුණෑගලට සහ ගම්පහට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-31

කඹ ඇදීමේ දිස්ත්‍රික් ශූරතා කුරුණෑගලට සහ ගම්පහට

ජාතික කඹ ඇදීමේ සම්මේලනය සංවිධාන කළ අන්තර් දිස්ත්‍රික් කඹ ඇදීමේ තරගාවලියේ පිරිමි ශූරතා දිනා ගැනීමට කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම සමත් වූ අතර, කාන්තා ශූරතාව ගම්පහට හිමි විය.

ටොරින්ටන් ක්‍රීඩාංගණයේ දී පසුගියදා පැවැති මේ තරගාවලියට දිස්ත්‍රික් කණ්ඩායම් 31ක් සහභාගි වූ අතර, එහි දී ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම පරාජය කරමින් ශූරතාවට හිමිකම් කීමට කුරුණෑගල දිස්ත්‍රික් පිල සමත් විය. කාන්තා අවසන් තරගයේදී ගම්පහ දිස්ත්‍රික් පිල හමුවේ පරාජයට පත් වූ රත්නපුර දිස්ත්‍රික් පිලට අනුශූරතාව හිමි විය.

පිරිමි තරග අංශයේ තුන්වැනි තැන කොළඹට හිමිවු අතර, කාන්තා තරග අංශයේ තුන්වැනි තැනට පත් වූයේ අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායමය.

ජාතික කඹ ඇදීමේ සම්මේලනයේ සභාපති බ්‍රිගේඩියර් ජනක රණසිංහ මහතාගේ මූලිකත්වයෙන් සංවිධාන කළ මේ තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය මහතා සහභාගි විය. ජාතික කඹ ඇදීමේ සම්මේලනයේ ලේකම් ක්‍රිස්ටි ප්‍රනාන්දු, උපසභාපතිවරුන් වන කේ.පී.එන්. සේරසිංහ, ජගත් නිශාන්ත සහ නිමාලි ප්‍රනාන්දු මහත්ම මහත්මිහු ද මේ අවස්ථාවට එක් වූහ.

ෆවුස් මොහොමඩ්

No comments:

Post a Comment

Post Bottom Ad

Pages