ජලී නිසා කාලේ හොඳා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-13

ජලී නිසා කාලේ හොඳා

අනුෂ්කා උදයංගනී
අගෝස්තු 13, 2020

ඇය පුංචි තිරයට අලුත්ය. ටෙලි නිර්මාණ කිහිපයකටම රංගනයෙන් දායක වුවද ඒවා විකාශය නොවුණේ ඇගේ අභාග්‍යකටය. එහෙත් ඇගේ කලා ලොවේ ඉඩෝරය නිමා වූයේ රාවණා ටෙලි සිතුවම සමඟිනි. එහි ඇය ජලී වූවාය. අනුෂ්කා උදයංගනී නැමැති ඇය කොයි කා අතරේත් ජනප්‍රිය චරිතයක් වන්නේ ජලී නිසාය. 

අනුෂ්කා,ජලී ඔබට වාසනාව ගෙනාවා කිව්වොත් නිවැරැදිද?

අනිවාර්යයෙන්ම. මේ වනකොට ජලීට ලැබෙන කමෙන්ට් සුපිරිම සුපිරියි. මම කිසිසේත්ම බලාපොරොත්තු වුණේ නැහැ එවන්වූ ප්‍රතිචාරයක් ලැබේවි කියලා. මම හිතනවා මගේ වාසනාවන්ත කාලය උදා වුණා කියලා. ජලී නිසයි එහෙම වුණේ. ආරංචියෙ හැටියට මම ප්‍රධාන චරිතයක් කරපු ඉළංදාරියෝ නාට්‍යයත් නුදුරු දිනකදී විකාශය වෙනවලු. ඒක එරංග සේනාරත්නගේ අධ්‍යක්ෂණයක්.

ඔබ නිළියක් වන්නට හීන මවපු කෙනෙක්ද?

නැහැ. මට වුවමනා වුණේ හොඳ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්න. මං ඒ අංශයේ රැකියාවක් පවා කළා. රංගනයට සහභාගී වුණේ ඒක කරද්දියි. ක්‍රම ක්‍රමයෙන් මට නිළියක් විදිහට ඉදිරියට යන්නට අවස්ථා වැඩි වුණා. මම දැන් ෆුල් ටයිම් රඟපෑම තමයි වෘත්තියක් විදිහට කරන්නේ.

ක්ෂේත්‍රයේ ගනුදෙනු කරද්දි කැපිලි කෙටිලි එනවා ඇති?

ඔව්. සති කිහිපයකට උඩදි මම සූර්ය උදානය

අවුරුදු කුමරා සහ කුමරිය 2020 තරඟාවලියට සහභාගී වුණා. ඒකේ මම තමා විනර්. බෙස්ට් ස්කින් වුණෙත් මම. එතනදි තමයි වැඩිපුරම

කැපිලි කෙටිලි ආවේ. නාට්‍ය කරන්න ගිහිල්ල එච්චර තිබුණේ නැහැ. කොහොමහරි ඒවා විඳ දරාගත්තා.

ඔබ සිරුර වැඩිපුර නිරාවරණය වන ඇඳුම් අඳීන්නේ ඇයි?

ඒක මගේ විදිහ. අයියා දැකලා ඇති මම සමහර ෆොටෝ  සම්පූර්ණයෙන්ම ඇඟ වැහෙන්න අඳීනවා. කොටට අඳීන්න ඕන තැන්වල එහෙම අඳීනවා.

ඔබ කරන ඔවැනි විලාසිතා නිසා ඔබ ගැන වැරදි වැටහීමක් ඇති වන්න පුළුවන් කෙනෙකුට?

ඒක ඒ තැනැත්තා හිතන විදිහනේ. සිරුර වැහෙන්නම ඇන්දත් ඔය හිතන අයගේ සිතුවිලි වෙනස් වන්නේ නැහැ. ඒකට මම මොනවා කරන්නද?

ඔබට අයුතු යෝජනා එහෙමත් ඇවිල්ලා ඇති?

ක්ෂේත්‍රයට ආව මුල් දවස්වල ඉඳලම ඒ යෝජනා නම් එනවා. ඒ දවස්වල මම කරන්නේ පලුයන්න බනින එක. පස්සේ පස්සේ මට තේරුම් ගියා ඒ වගේ අයට බැනලා වැඩක් නෑ කියලා. දැන්නම් ශේප් එකේ මඟහරිනවා. ප්‍රධාන චරිතත් එක්ක තමයි ඔය යෝජනාව දාන්නේ සමහරු.

මොන වයසෙ අයගෙන්ද ඔවැනි යෝජනා එන්නේ?

ටිකක් වයසක අයගෙන්. තරුණ අයගෙන් හරිම අඩුයි.

ඔබ විවාහ වෙන්නට බලාපොරොත්තු වන්නේ ක්ෂේත්‍රයේ කෙනෙකු එක්කද?

දැනට හිතාගෙන ඉන්නේ එහෙමයි. මගේ කලින් බෝයි ෆ්‍රෙන්ඩ් මේ ෆීල්ඩ් එකේ නෙවෙයි. ඒක නිසා ගොඩක් ප්‍රශ්න ඇති වුණා. අපි රඟපාන්නේ කැමරාව ඉස්සර හා විතරයි. ඒක හොඳාකාරවම දන්නවා අපේ ක්ෂේත්‍රයේ අය. ඉන් පරිබාහිර කෙනෙකුට ඒක තේරුම් කරලා දෙන්න හරි අමාරුයි. ඉතින් මම හිතනවා මේ ෆීල්ඩ් එකේ කෙනෙකුම සහකරුවා කරගත්තොත් මටත් ඔහුටත් පහසුවක් වේවි.

ජලීට පණ පොවන්න ගිහින් වෙච්ච අමතකම නොවන අත්දැකීම ගැනයි මා ඊළඟට අහන්නේ?

නාට්‍ය ෂූට් කළේ රිවස්ටන්. එහෙට පැය භාගයකට සැරයක් වහිනවා. ඒ අතරතුරදි තමයි ෂූටිං කළේ. ඊට හපන් කූඩැල්ලෝ. එකෙක් ගලවන්න එකෙක් එල්ලෙනවා. මගේ යාළුවෝ තමයි කූඩැල්ලෝ ගලව ගලව මට රඟපාන්න සහාය දුන්නේ. මේවා තමයි අමතක නොවන අත්දැකීම්.

 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages