පිම්මේ ආ මෝටර් රියක් අස්ගිරි මහා විහායේ පිවිසුම් ගේට්ටුවේ වැදිලා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-31

පිම්මේ ආ මෝටර් රියක් අස්ගිරි මහා විහායේ පිවිසුම් ගේට්ටුවේ වැදිලා

ආරක්ෂාවට සිටි හමුදා සෙබළාට බරපතළයි

අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් මහනුවර අස්ගිරි මහා විහාර පිවිසුම් වාහල්කඩ ආරක්ෂිත ගේට්ටුවේ වැදී සිදුවූ අනතුරකින් අස්ගිරි මහා විහාර ආරක්ෂක කටයුතු සඳහා අනුයුක්තව සිටි හමුදා සෙබළකු බරපතළ තුවාල ලැබ පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර ඊයේ (30) පෙරවරු 10.30ට පමණ සිදුව තිබෙන බව පොලීසිය පවසයි.

වේගයෙන් පැමිණි මෝටර් රථය ගේට්ටුවේ වැදී හමුදා සෙබළාද යට කරගෙන ගොස් අස්ගිරි මහ විහාර පරිශ්‍රයේ නවතා තිබූ සුඛෝපභෝගි ජීප් රථයක ගැටී නතර වී ඇත. රියැදුරු මහනුවර පොලීසියේ රථවාහන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

අසේල කුරුළුවංශ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages