ඉදිරි දිනවල වැසි තත්වයේ වැඩිවීමක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-30

ඉදිරි දිනවල වැසි තත්වයේ වැඩිවීමක්

හෙට (31) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
 
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස 2.00න් පසුව තැනින් තැන, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඊය හැකියි.
 
උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මි. 40 දක්වා තරමක් තද සුළං ඇති වීමේ හැකියාව පවතිනවා.
 
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.
 
අද (30) දින දහවල් 12:10ට තල්යුපාඩු, මන්නාරම, මුන්ඩුමුරිප්පු සහ තෙන්නමරවාඩි ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බවද කාලගුණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරනු ලැබේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages