නව ව්‍යවස්ථාවක් නිර්මාණය කඩිනම් විය යුතුයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-31

නව ව්‍යවස්ථාවක් නිර්මාණය කඩිනම් විය යුතුයි

ඇල්ලේ ගුණවංශ හිමි

නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට අදාළ බලධාරීන් කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බවත්, එතෙක් පළාත් සභා ඡන්දය නොපැවැත්විය යුතු බවත් කොළඹ - 07, බෞද්ධාලෝක මාවතේ ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමියෝ ප්‍රකාශ කරති.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ උන් වහන්සේ මෙසේ ද කීහ.

‘මේ සම්බන්ධයෙන් මා ඇතුළු විද්වතුන් පිරිසක් මේ වන විට සාකච්ඡා වට තුනක් පමණ පවත්වා තිබෙනවා. සම්පූර්ණයෙන්ම නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන මතයේ මා ඇතුළු විද්වතුන් කණ්ඩායම සිටිනවා. රටේ උරුමය, රටේ ඒකීය භාවය ආරක්ෂා කිරීම පිළිබඳව කල්පනා කරමින් මා සෑම අවස්ථාවකම කටයුතු කරනවා. නව ව්‍යවස්ථාවකට අඩංගු විය යුතු දේ පිළිබඳව ඉදිරියේදී යෝජනාවලියක් ඉදිරිපත් කරනවා. ඒ සඳහා අදහස් අඩංගු කෙටුම්පතක් මේ වන විට සකස් කරමින් පවතිනවා.‘

උපාලි කරුණාරත්න

No comments:

Post a Comment

Post Bottom Ad

Pages