තීර­ණ­යක් නැතිව ළත­වෙන රනිල් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-22

තීර­ණ­යක් නැතිව ළත­වෙන රනිල්

22 අගෝස්තු, 2020

ශ්‍රී ලංකාවේ නව වන පාර්ලි­මේ­න්තුව ඉකුත් බ්‍රහ­ස්ප­තින්දා පෙ.ව 9.30 ට රැස්විය. සාම්ප්‍ර­දා­යා­නු­කූ­ලව පාර්ලි­මේන්තු මහ ලේක­ම්ව­රයා විසින් දෛනික වැඩ සට­හන ප්‍රකා­ශ­යට පත් කිරී­මෙන් පසුව නව­වන පාර්ලි­මේ­න්තුවේ නව කථා­නා­යක ධුර­යට මාතර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේ­ව­ර්ධ­න­යන් ගේ නම යෝජනා කරන ලද්දේ මහ­ජන එක්­සත් පෙර­මුණේ නායක දිනේෂ් ගුණ­ව­ර්ධන විසිනි. මෙවර කතා­නා­ය­ක­ව­ර­යාට පක්ෂ විපක්ෂ සියලු දෙනා ගේ ප්‍රසා­දය ඇති බව අඟ­ව­මින් දිනේෂ්ගේ යෝජ­නාව ස්ථීර කරනු ලැබුවේ සමඟි ජන බල­වේ­ගයේ මහ ලේකම් පාර්ලි­මේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩා­ර­යන්ය. පාර්ලි­මේන්තු සම්ප්‍ර­දාය අනුව කථා­නා­ය­ක­ව­රයා සඳහා මන්ත්‍රී­ව­ර­ය­කුගේ නමක් යෝජනා කරන අය ඔහු පිළි­බඳ හැදි­න්වීම කළ යුතු වුවද මෙවර ඒ කට­යුත්ත සිදු වූයේ කථා­නා­ය­ක­ව­රයා ලෙස මහින්ද යාපා අබේ­ව­ර්ධන කථා­නා­යක අසුනේ අසුන් ගැනී­මෙන් අන­තු­රුව අග­මැති මහින්ද රාජ­ප­ක්ෂ­යන් විසිනි.

මෙදින උදය වරුවේ පාර්ලි­මේ­න්තුවේ අසුන් පැන­වී­මක් සිදුව නොතිබු බැවින් මන්ත්‍රී­ව­රුන්ට තමන් කැමති තැන්වල අසුන් ගැනී­මට අව­ස්ථාව තිබුණි. අග­මැති මහින්ද රාජ­ප­ක්ෂ­යන් සමඟ දිනේෂ් හා ජෝන්ස්ටන් ප්‍රනාන්දු අසුන් ගෙන සිටි අතර හිටපු ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන, අතා­වුල්ලා ඩලස් අල­හ­ප්පෙ­රුම හා පිල්ලෙ­යාන් ඉදි­රි­පෙළ අසුන් ගෙන සිටිනු දක්නට ලැබුණි. ආණ්ඩු පක්ෂය සඳහා වෙන් කර තිබු කථා­නා­ය­ක­ව­රයා ගේ දකුණු පස කොටසේ ආසන 120ක් තිබු­ණද මෙවර ආණ්ඩුව නියෝ­ජ­නය කරන මන්ත්‍රී සංඛ්‍යාව 152 ක් වූයෙන් කථා­නා­ය­ක­ව­රයා ගේ වම්ප­සින් විප­ක්ෂ­යට වෙන්කර තිබු ආස­න­ව­ලද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී­ව­රුන් වාඩි වී සටිනු දක්නට ලැබුණි. විමල් වීර­වංශ හා අමාත්‍ය මණ්ඩ­ලයේ ළාබා­ලම අමා­ත්‍ය­ව­රයා වූ නාමල් රාජ­ප­ක්ෂ­යන්ද අසුන් ගෙන සිටියේ විප­ක්ෂයේ මන්ත්‍රී­ව­රුන් සඳහා වෙන් වු කොට­සේය. සිනමා නළු­වකු වන රංජන් රාම­නා­යක මෙන්ම නිළි­යක වන ඩයනා ගමගේ විප­ක්ෂයේ එක ළඟ අසු­න්වල අසුන් ගෙන සිටී­මද විශේ­ෂ­ත්ව­යකි.

නව­වන පාර්ලි­මේ­න්තු­වට පත්ව සිටින මන්ත්‍රී­ව­රුන් ගෙන් බහු­ත­ර­යක් නව­ක­යන් නිසා ඔවුන්ට පාර්ලි­මේ­න්තුව හුරු­පු­රුදු තැනක් නොවීය. නවක මන්ත්‍රී­ව­රුන් එදින උදේ අටේ සිටම සිය බිරි­න්දෑ­වරු දෙමා­පි­යන් හා නැදැ හිත­ව­තුන් සමඟ මහ­ජ­නයා සඳහා පාර්ලි­මේ­න්තු­වට ඇතුළු වීමේ අව­ස­ර­පත් ලබා ගැනීම සඳහා තෙරෙ­පෙන අයුරු දක්නට ලැබුණි. මේ අතර කොට්ටේ නග­රා­ධි­ප­ති­ව­ර­යාද මෙවර පාර්ලි­මේ­න්තු­වට ප්‍රථම වතා­වට පත්ව කෝට්ටේ සිට පාර්ලි­මේ­න්තු­වට බෝට්ටු­ව­කින් පැමි­ණී­මද විශේ­ෂ­ත්ව­යකි. ඔහුට බෝට්ටු­ව­කින් පාර්ලි­මේ­න්තු­වට පැමි­ණීම සඳහා ඉඩ­හ­සර සලසා දීම සම්බ­න්ධ­යෙන් ජනා­ධි­ප­ති­ව­ර­යාට කෘතඥ වන බවද මුහුණු පොතේ සට­හ­නක් තබා ප්‍රකාශ කර තිබුණි.

මෙදින ජනා­ධි­ප­ති­ව­රයා ගේ ප්‍රති­පත්ති කතාව පැවැ­ත්වී­මට නිය­මි­තව තිබුණේ ප.ව.3.30ටය. එතෙක් පාර්ලි­මේ­න්තුව කල්තැබු නිසා මන්ත්‍රී­ව­රුන්ට පාර්ලි­මේ­න්තුවේ කාර්ය මණ්ඩල සාමා­ජි­ක­යන්ට මෙන්ම මාධ්‍ය­වේ­දී­න්ටද එකි­නෙකා සමඟ සුහ­දව කතා බහ කර­න්නට ඉඩක් ලැබී තිබුණි. පාර්ලි­මේ­න්තුව කල් තැබී­මෙන් පසුව සභා ගැබෙන් පිට­තට යමින් සිටි අග­මැති මහින්ද රාජ­ප­ක්ෂ­යන් වෙත ගිය නව­ක­යන් මෙන්ම පැර­න්නෝද දැත් එක්කොට හිස නමා ආචාර කරනු දක්නට ලැබුණි. ඒ අතර අභි­නව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස වෙත ගිය පාර්ලි­මේ­න්තුවේ සභා­නා­යක දිනේෂ් ගුණ­ව­ර්ධන ඔහුට අතට අත දී සුබ පැතීය.

සභා­නා­යක ලෙස පත් වු දිනේෂ් ගුණ­ව­ර්ධන එදින උදේ සිය පාර්ලි­මේන්තු කාර්යා­ල­යට භික්ෂුන් වහන්සේ තුන්න­මක් වැඩම කරවා ගෙන බෞද්ධා­ග­මික වතා­වත් සිදු කර පළමු රාජ­කා­රිය ලෙස නව­වන පාර්ලි­මේ­න්තු­වට පැමි⁣ණි අග­මැති මහින්ද රාජ­පක්ෂ පාර්ලි­මේ­න්තුවේ අමු­ත්තන් ගේ ප්‍රවේශ දොර­ටුව අබි­ය­සදී පිළි ගත්තේය.

රාජා­සන කතාව පව­ත්වන වෙලාව එළ­ඹෙන තෙක් පක්ෂ විපක්ෂ මන්ත්‍රී­වරු පාර්ලි­මේ­න්තුවේ තැනින් තැන සුහද කතා­වල යෙදෙනු දක්නට ලැබුණි. කෙහෙ­ළිය රඹු­ක්වැල්ල ජන­මාධ්‍ය අමා­ත්‍ය­ව­රයා හා සමඟි ජන බල­වේ­ගයේ ජාතික සංවි­ධා­යක තිස්ස අත්ත­නා­යක සුහ­දව කතා කර­මින් මාධ්‍ය­වේ­දීන් සිටි දෙසට පැමි­ණෙ­මින් සිටි­යදී "මන්ත්‍රි­තුමා ආයෙත් මේ පැත්තට එන්නද හදන්නේ" යනු­වෙන් මාධ්‍ය­වේ­දි­යකු තිස්ස ගෙන් විම­සද්දී "අනේ නෑ ආයෙත් ඉතින් මම කොහෙ­ට­වත් යන්නේ නෑ" තිස්ස සිනා­වෙ­මින්ම උත්තර දුන්නේය.

විජේ­දාස රාජ­පක්ෂ, සුසිල් ප්‍රේම්ජ­යන්ත, හා අනුර යාපාට ඇමති තන­තුරු නොලැ­බීම ගැන සමා­ජ­යේද කතා බහක් නිර්මා­ණය වී ඇත. අනුර හා සුසිල් පාර්ලි­මේන්තු සමා­රම්භ සැසි­යට සහ­භාගි වී වැඩි­පුර කාලය ගත කළේද හුද­ක­ලා­වය. "එක­වර මෙරටේ ප්‍රධාන දේශ­පා­ලන පක්ෂ දෙකක් බිමට සම­තලා කරපු කෙනා ඒ ශාප­යෙන්ම ඔය අස­රණ වෙලා ඉන්නේ. එයා­ටත් ඔහො­මම තමයි ඉන්න වෙන්නෙ." සුසිල් කීවේ වේද­නා­වෙන්ය. අපි දර­දිය ඇද්දා; ආණ්ඩුව හැදුවා. ඒ ගැන අපිට සතු­ටක් තියෙ­නවා" සුසිල් හිඳ සිටි පුටු­වෙන් නැගි­ටින ගමන් කීවේය.

ජනා­ධි­ප­ති­ව­ර­යාගේ රාජා­සන කතා­වෙන් පසුව පැවැති ටී පාටි­යේදී පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙකු විජේ­දාස රාජ­පක්ෂ වට කර­ගෙන සිටි­යේය. කබීර් හෂීම්, ජෝන්ස්ටන් ප්‍රනාන්දු ද ඒ අතර විය. "මට වැඩ කර­න්නයි ඕන. එකට සුදුසු දෙයක් ලැබු­ණොත් ගන්නවා "විජේ­දාස කියද්දී " නෑ නෑ ජනා­ධි­ප­ති­තුමා ඔබ­තු­මාට නොසකා හරින්නෙ නෑ" යැයි ඔහු අසල සිටි­ය­වුන් කීවෝය. තේ පාටි­යේදී ජනා­ධි­පති අග­මැති දෙන්නා වෙන වෙනම එහි පැමිණි පක්ෂ විපක්ෂ මන්ත්‍රී­වරු තානා­ප­ති­වරු හා හිත­ව­තුන් සමඟ පැය­කට ආසන්න කාල­යක් සුහ­දව කතා බහ කෙළේය. එහිදී වැඩි දෙනා ගේ උන­න්දුව තිබුණේ මේ නාය­ක­යින් සමඟ සෙල්ෆි ගැනී­ම­ටය. අග­මැ­ති­ව­රයා සියලු දෙනාට කතා කර­මින් යන අතරේ වාසු­දේව නානා­ය­ක්කාර හා විග්නේ­ෂ්ව­රම් දෙම­ස්සිනෝ එක්ව කතා බහ කර­මින් සිටිනු දැක එතැන ගොස් දෙදෙ­නානේ කරට මහින්ද තම අත් දමා ගෙන දැන් ඉතින් උතුරු දකුණු ප්‍රශ්න තියෙන්න විදි­යක් නෑ. දෙන්නම පාර්මේ­න්තුවේ නිසා යැයි කීවේ මහ හඬින් සිනා සෙමිනි.

යදා­මිණි ගුණ­ව­ර්ධන, නාමල් රාජ­පක්ෂ ප්‍රමිත තෙන්න­කෝන් හා ශෂීන්ද්‍ර රාජ­පක්ෂ සමා­ජ­වාදි දේශ­පා­ලන අර­ග­ලයේ තුන­වන පර­පුර නියෝ­ජ­නය කර­න්නන්ය. මොවුන් ගෙන් නාමල් හැර අන් තිදෙ­නෙක්ම මෙවර ප්‍රථ­ම­යෙන් පාර්ලි­මේ­න්තු­වට පැමිණි අය වීමද විශේ­ෂය. තේ පාටි­යේදී යදා­මිණි අස­ලට ගිය අග­මැ­ති­ව­රයා "අප්ප­ච්චිලා ගේ අර­ග­ලය අත නොහැර ඉදි­රි­යට ගන්න ඉන්න අලුත් පර­පු­රනෙ මේ" යැයි කිය­මින් යදා­මි­ණිගේ පිටට තට්ටු­වක් දමා සුබ පැතීය.

සමගි ජන බල­වේ­ග­යෙන් මෙවර පාර්ලි­මේ­න්තු­වට පත්වූ මන්ත්‍රී­ව­රුන් හා හිටපු මන්ත්‍රී­වරු සහ­භාගී කර­ගෙන පසු­ගිය සති­යේදී දේශ­පා­ලන වැඩ­මු­ළු­වක් පැවැ­ත්වුනේ කොළ­ඹ­දීය. පක්ෂයේ ඉදිරි වැඩ කට­යුතු ගැන මෙන්ම පාර්ලි­මේ­න්තුවේ කට­යුතු ගැන ස්ථිර වැඩ­පි­ළි­වෙ­ලක් සකස් කර­ගැ­නීම මෙම වැඩ­මු­ළුවේ අර­මුණ වී තිබුණි.

වැඩ මුළුව ආරම්භ වූයේම පැමිණි මන්ත්‍රී­වරු කණ්ඩා­යම් අට­කට වෙන් කර­මිනි. එක් එක් කණ්ඩා­ය­මට ඉදිරි වැඩ­පි­ළි­වෙල ගැන අද­හස් ඉදි­රි­පත් කිරීමේ අව­ස්ථාව ලබා දුන්නේය. මන්ත්‍රී­වරු තමන්ගේ පෞද්ග­ලික අද­හස් සාකච්ඡා කර කණ්ඩා­ය­මක් ලෙස පොදු ඉදි­රි­පත් කිරි­ම­කට සූදා­නම් වන විටම සජිත් වැඩ­මු­ළුව පැවැත්වූ ශාලා­වට පැමි­ණි­යේය. ඒ ඔහු පැමි­ණි­මට සැල­සුම් කර තිබූ නිය­මිත වේලා­ව­ට­මය. සජිත් පැමිණ මේස­යෙන් මේස­යට ගොස් මන්ත්‍රී­ව­රුන්ගේ අද­හස් ලබා ගත්තේය. මුලින්ම ඔහු ගියේ මයන්ත දිසා­නා­යක, බුද්ධික පති­රණ, රෝහිණී කවි­රත්න ඇතුළු මන්ත්‍රී­වරු සිටි මේස­ය­ටය. ඉන් පසුව ඉමි­ති­යාස් බකීර් මාකර්, තලතා අතු­කෝ­රළ, හරින් ප්‍රනාන්දු, මනුෂ නානා­ය­ක්කාර සිටි මේස­යට සජිත් ආවේය. මනුෂ සිය කණ්ඩා­යමේ අද­හස් ඉදි­රි­පත් කළේ විශාල ප්‍රමා­ණයේ කොළ­වල අද­හස් ලියා පෙන්ව­මිනි.

කණ්ඩා­යම් ඉදි­රි­පත් කිරී­මෙන් පසුව කිහිප දෙනෙක් කලින් සූදා­නම් කර­ගෙන පැමිණි ඉදි­රි­පත් කිරීම් කළේය. කබීර් හෂීම්, එරාන් වික්‍ර­ම­ර­ත්නය හර්ෂ ද සිල්වා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රාජිත සේනා­රත්න ඒ අතර විය.

"හොඳට දුවන කෙනාට, දක්ෂ කෙනාට කොන්දේසි විර­හි­තව මම තැන දෙනවා" සජිත් මෙහිදී කීවේය.

සමගි ජන බල­වේ­ගයේ මංගල පාර්ලි­මේන්තු කණ්ඩා­යම් රැස්වීම පැවැ­ත්වුණේ මේ වැඩ­මු­ළු­වෙන් පසු­වය.

"පාර්ලි­මේ­න්තුව රැස්වු­ණාට පස්සේ කතා­නා­ය­ක­ව­ර­යෙක් පත් කිරීමේ අව­ස්ථාව විශේ­ෂි­තයි. අපි මේ ගැන අව­ධා­නය යොමු කළ යුතුයි"තිස්ස අත්ත­නා­යක කීවේය.

"ආණ්ඩු­වට කැමැති අයෙක්ට කථා­නා­ය­ක­ධූ­රය ලබා දෙන්න කියමු. අපි ඒ සදහා අව­ස්ථාව දෙමු" මහ­ලේ­කම් රංජිත් මද්දු­ම­බ­ණ්ඩාර කීවේ පාර්ලි­මේන්තු සම්ප්‍ර­දාය අනුව කට­යුතු කළ යුතු බව අව­ධා­ර­ණය කර­මිනි.

"ඒ වුණාට පාර්ලි­මේ­න්තුවේ විප­ක්ෂ­යට හිමි­විය යුතු වැද­ගත් තන­තුරු කිහි­ප­යක් තිබෙ­නවා. ඒවාට ආණ්ඩු­වට අවශ්‍ය ආකා­ර­යට පත්වීම් කරන්න දෙන්න බෑ. කෝප් කමි­ටුවේ සහ කෝපා කමි­ටුවේ බහු­ත­රය තියෙන්නේ විප­ක්ෂය අතේ. ඒ නිසා අපි ඒ අව­ස්ථාව ලබා­ගත යුතුයි" මන්ත්‍රී­ව­රුන් බහු­ත­ර­ය­කගේ අද­හස සජිත් ද අනු­මත කර­මින් කීවේය.

නව වැනි පාර්ලි­මේ­න්තුවේ ආර­ම්භ­ය­ට‌ ­බොහෝ වේලා­ව­කට පෙර සජිත් පාර්ලි­මේ­න්තු­වට පැමි­ණි­යත් විපක්ෂ නායක කාර්යා­ල­යට නොගි­යේය. එහෙත් වෙනත් අමු­ත්තන් දෙදෙ­නෙක් විපක්ෂ නායක කාර්යා­ලට පැමි­ණි­යේය. ඒ ආණ්ඩු පක්ෂයේ ඇමැ­ති­වරු දෙදෙ­නෙකි. නිමල් ලංසා සහ පියල් නිශාන්ත සභා ගර්භයේ සිට කතා බස් කර­මින් විපක්ෂ නායක කාර්යා­ලය දෙසට පැමි­ණියේ පරණ පුරු­ද්ද­ට­මය. ඔවුන් දෙදෙනා කාර්යා­ලයේ දොරින් ඇතු­ළු­වත්ම නුහුරු නුපු­රුදු කණ්ඩා­ය­මක් එහි සිටිනු දුටු­වෝය. තමන් දැන් සිටින්නේ ආණ්ඩු පක්ෂයේ බව ඔවුන් දෙදෙ­නා­ටම වැට­හුණේ ඒ වෙලා­වේ­දීය. විපක්ෂ නායක කාර්යා­ල­යට පැමිණ ඇති බව තේරුම් යෑමත් සමග ඔවුන් දෙදෙ­නාගේ ඇස් උඩ­ගොස් ආපසු හැරුණේ "අපි මේ වැරදි තැන­කට ඇවිත් නේ" කිය­මිනි. පහු­ගිය සදුදා රාත්‍රියේ ඇමති ප්‍රසන්න රණ­තුං­ගට හදිසි දුර­ක­ථන ඇම­තු­මක් ලැබුණි ඒ ජනා­ධි­ප­ති­ව­රයා ගෙනි." ප්‍රසන්න සංචා­ර­කයෝ ලංකා­වට ගෙන්වා ගන්න වැඩ පිළි­වෙල ඉක්මන් කරන්න ඕනෑ."

"ඔව්, සර් මම ඒ ගැන ප්ලැන් එකක් හද­නවා. එයා­ර්පෝට් එක ඉක්ම­නින් විවෘත කර ගත්තොත් හොඳයි." ප්‍රසන්න කීවේය. "එයා­ර්පෝට් එක ඉක්ම­නින් විවෘත කරන්න ඕන. පිට­ර­ට­වල ඉන්න අපේ අයව ඉක්ම­නින් ගෙන්වා ගන්නත් ඕනෑ. මේවා ගැන ඔයා කැබි­නට් එකට පේපර් එකක් දාන්න" ජනා­ප­ති­ව­රයා ප්‍රස­න්නට උප­දෙස් දුන්නේය.

ආණ්ඩු පක්ෂ කණ්ඩා­යම් රැස්වීම පැවැ­ත්වුණේ බදාදා සව­සය. එයද ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ජනා­ධි­පති ලේකම් කාර්යා­ලයේ දී පැවැ­ත්විණ." පසු­ගිය ආණ්ඩුවේ මැති ඇම­ති­වරු පාර්ලි­මේ­න්තු­වට ආවේ නෑ. විපක්ෂ මන්ත්‍රී­ව­රුන් ගේ ප්‍රශ්න වලට උත්තර දුන්නෙත් නෑ. හැම තිස්සේම පාර්ලි­මේන්තු රැස්වී­ම්වල ඉදිරි පෙළ හිස්වෙලා තිබුණේ. අපේ ආණ්ඩුවේ අපේ පාර්ලි­මේ­න්තුවේ එහෙම වෙන්න දෙන්න බෑ. පාර්ලි­මේ­න්තුව පැවැ­ත්වෙන දින­වල හැමෝම පාර්ලි­මේ­න්තු­වට එන්න ඕනේ" අග­මැ­ති­ව­රයා කීවේ උප­දේ­ශා­ත්ම­ක­වය.

පසු­ගි­යදා සිරි­කො­තට භික්ෂූ­න්ව­හ­න්සේලා පහ­ළො­ස්න­මක් පමණ හදි­සි­යේම වැඩම කර රනිල්ට ලිපි­යක් බාර දුන්නේය. රනිල් වික්‍ර­ම­සිං­හ­යන් භික්ෂූන් වහ­න්සේලා තමන් හමු­වට එන බව දැන සිටි­යත් ඒ කුමක් සඳහා දැයි දැන සිටියේ නැත. භික්ෂූන් වහ­න්සේලා රනිල්ට බාර දුන් ලිපියේ සඳ­හන් වූවේ එජාප නාය­ක­ත්ව­යෙන් රනිල් ඉවත්ව එය කරු ජය­සූ­රි­යට බාර දෙන ලෙසය. එහිදී ඇති වු කතා­බහ අතර සම­හර භික්ෂූන් වහ­න්සේලා එතැ­නින් ඉවත්ව ගිය අතර තිනි­යා­වල පාලිත, බෝපි­ටියේ ධම්මි­ස්සර යන හිමි­ව­රුන් ඇතුළු කීප දෙනෙකු පසුව මාධ්‍ය හමු­වක් පවත්වා රනිල් වික්‍ර­ම­සිං­හ­යන් දැඩි විවෙි­ච­න­යට ලක් කර­මින් කියා සිටියේ එජා­ප­යට සම්බන්ධ සියලු භික්ෂූන් සමඟ නව ආණ්ඩු­වට සහය දෙන බවය. එජාප නාය­කත්ව අර්බු­දය මෙන්ම එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර­යද දැන් එජා­පයේ දැඩි අර්බු­ද­යක් බවට පත්ව ඇත. මේ අතර රනිල් වික්‍ර­ම­සිංහ තව­දු­ර­ටත් පක්ෂ නාය­ක­ත්වයේ රැඳී සිටී­ම­ටත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය එජාප මහ ලේකම් අකි­ලට ලබා දිමට උත්ස­හ­යක් පව­තින බව­ටත් එජා­පයේ පරා­ජි­ත­යන් අතරේ කතා­බ­හට ලක්ව ඇත.

ජනා­ධි­ප­ති­ව­රයා ඉකුත් සතිය යොදා ගත්තේ අලු­තින් පත් වු අමා­ත්‍ය­ව­රුන් ගේ කාර්ය­භා­රය ගැව කතා කර­න්න­ටය.මුලින්ම ප්‍රවා­හන අමාත්‍ය හා එහි රාජ්‍ය අමා­ත්‍ය­ව­රැන් සමඟ සාකච්ඡා කර­මින් ජනා­ධි­ප­ති­ව­රයා "පුංචි දේකින් ලොකු වෙන­සක් කරන්න පුළු­වන්. බස් රථ සෝදන තැනින් ප්‍රවා­හන කට­යුතු දියුණු කරන්න පටන් ගන්න" ජනා­ධි­ප­ති­ව­රයා කීවේ වෙනත් උදා­හ­ර­ණ­යන්ද සම­ඟය. අන­තු­රුව මැටි, වේවැල්, තඹ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමා­ත්‍ය­ව­රයා සමඟ සාකච්ඡා කළ ජනා­ධි­ප­ති­ව­රයා "මොන බාධක ආවත් දේශිය කර්මාන්ත අභා­ව­යට යන්න දෙන්න එපා. මේ කර්මාන්ත දියුණු කර­ගෙන අපිට හොඳ විදේශ විනි­ම­යක් උප­යන්න පුළු­වන්."කීවේය.



from silumina

No comments:

Post a Comment

Post Bottom Ad

Pages