අසභ්‍ය දර්ශනවලට ළමුන් නිරාවරණය වීමේ අවදානමක්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-11

අසභ්‍ය දර්ශනවලට ළමුන් නිරාවරණය වීමේ අවදානමක්.

අසභ්‍ය දර්ශනවලට ළමුන් නිරාවරණය වීමේ අවදානම සම්බන්ධයෙන්

පවතින කොවිඩ්-19 ලෝක වසංගත තත්ත්වය හමුවේ, ඇතැම් පාසැල් ළමුන් නිවෙසේ සිට ජංගම දුරකථන හා පරිගණක හරහා තම අධ්‍යාපන කටයුතු මෙහෙයවන අතර, එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස ළමුන් අසාමාන්‍ය ලෙස අන්තර්ජාලය භාවිතාවට නැඹුරු වෙමින් සිටී. ඒ හරහා අසාමාන්‍ය ලෙස ළමුන් අසභ්‍ය දර්ශනවලට නිරාවරණය වීමේ අවදානමක් ඇතිවී තිබේ.

අසභ්‍ය දර්ශන වෙබ් අඩවි වෙත පිවිසීම හා VPN භාවිතාව අවහිර කිරීමට DPI තාක්ෂණය, DNS intercept modification තාක්ෂණය ප්‍රමාණවත් ආකාරයෙන් ශ්‍රී ලංකාවේ තිබෙනා බව රජයේ අභ්‍යන්තර තොරතුරු හා සැළසුම් රැසක් දන්නා මට නොරහසකි.

අසභ්‍ය දර්ශනය වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කිරීමට අධිකරණ නියෝගයක් ද තිබෙනා බවට ඔබ කොමිෂන් සභාව මීට පෙර මා වෙත දැනුම් දී ඇත. එහෙත් එය නිසියාකාරව හා ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවේ.

ළමුන් අන්තර්ජාලයේ දී නිරාවරණය වන දේ පාලනය කිරීම රටේ ජාතික ආරක්ෂාවේ කොටසක් ලෙස සලකා, දෙමාපියන්ට ළමුන් අන්තර්ජාලයේ දී ආරක්ෂා කර ගැනීමට සහයවීම සඳහා ශ්‍රී ලංකාව තුල ලබා දෙන සියලුම අන්තර්ජාල සේවාවල අසභ්‍ය දර්ශන වෙබ් අඩවි වලට පිවිසීම හා VPN භාවිතාව අවහිර කිරීමේ සේවාවක් අදාළ සබඳතාවට වෙන වෙනම self-care app හෝ SMS (තමන්ට අයත් වෙනත් දුරකථනයකින්)/USSD විධාන හරහා රහස් අංකයක් සහිතව සක්‍රිය හෝ අක්‍රිය කිරීමේ ක්‍රමවේදයක් නොමිලේ හඳුන්වා දීමට කටයුතු කරන ලෙස මා ඉල්ලා සිටිමි.

මෙයට විශ්වාසී,
චිරන්ත අමරසිංහ,

සිවිල් අයිතිවාසිකම් හා මානව හිමිකම් ක්‍රියාකාරී

The post අසභ්‍ය දර්ශනවලට ළමුන් නිරාවරණය වීමේ අවදානමක්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages