මෙරටට රැගෙන ඒමට උත්සාහ කල වියළි කහ තොගයක් නාවික හමුදා භාරයට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-19

මෙරටට රැගෙන ඒමට උත්සාහ කල වියළි කහ තොගයක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝ 807කට ආසන්න ප්‍රමාණයක් නොරොච්චෝලේ දලුව සහ මන්නාරම වංකාලේ යන වෙරළ තීරයන්හීදී ඊයේ(18) නාවික හමුදා භාරයට ගෙන ඇත.
 
මුහුදු මාර්ගයෙන් අනවසර පුද්ගලයින් මෙරටට සංක්‍රමණය වීම සහ නීති විරෝධී බඩු බාහිරාදිය මෙරටට ගෙන ඒම වැළැක්වීම සඳහා නාවික හමුදාව විශේෂ අවධානය යොමු කර දිවයින වටා මුහුදු තීරයන්හි මුර සංචාර සිදු කරනු ලබයි. එලෙස වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් නොරොච්චෝලේ දලුව වෙරළ තීරයේ සිදු කල විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ඩිංගි යාත්‍රා දෙකක් තුල සඟවා මෙරටට ගෙන ඒමට උත්සාහ කල ගෝනි මළු 14ක් තුල අසුරන ලද වියලි කහ කිලෝ 700කට ආසන්න ප්‍රමාණයක් සමඟ කල්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25ත් 58ත් අතර වයසේ පසුවන  සැකකරුවන් සිව් දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට හැකිව තිබේ.
 
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් මන්නාරම වංකාලේ වෙරළ ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදීද වෙරළට ගොඩගසා තිබූ සැක සහිත ගෝනි මලු දෙකක් පරීක්‍ෂා කිරීමේදි එහි තිබී තෙත බර සහිත කහ කැබලි  කිලෝග්‍රෑම් 107 කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බව සදහන්වේ.
 
ඒ අනුව, නාවික හමුදාව විසින් පසුගිය සති තුනක කාලය තුල අවස්ථා කිහිපයකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝ 8245 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
 
මෙලෙස නොරොච්චෝලේ දලුව සහ මන්නාරම වංකාලේ යන ප්‍රදේශයන්හීදී නාවික හමුදා භාරයට ගන්නා ලද වියලි කහ, ඩිංගි යාත්‍රාවන් සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා සින්නපාඩු සහ යාපනය රේගු කාර්යාලයන් වෙත භාර දීමට කටයුතු කර ඇත. 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages