ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ ඉතා සමීපව කටයුතු කිරීමේ කැමැත්ත යළිත් අවධාරණය කරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-09

ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ ඉතා සමීපව කටයුතු කිරීමේ කැමැත්ත යළිත් අවධාරණය කරයි

ශ්‍රී ලංකාව සමඟ ඉතා සමීපව කටයුතු කිරීමේ අභිලාෂය ඉන්දියාව යළිත් අවධාරණය කරන බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
 
පසුගියදා මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව සුබ පැතීමට මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඊයේ(08) පස්වරුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
 
මැතිවරණය සාර්ථකව පැවැත්වීම පිළිබඳව අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි, මෙරට ජනතාවට සහ ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා කළ බව මහ කොමසාරිස්වරයා සිහිපත් කළේය.
 
පුළුල් ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නව රජය හා පාර්ලිමේන්තුව සමඟ ඉතා සමීපව කටයුතු කිරීමට ඉන්දීය රජයේ දැඩි කැමැත්තෙන් හා කැපවීමෙන් සිටින බව මහ කොමසාරිස්වරයා නැවත අවධාරණය කරන ලදි.
 
මෙම ප්‍රයත්නයේ දී ශ්‍රී ලංකාවේ නායකත්වයේ අඛණ්ඩ මග පෙන්වීම ඔහු අපේක්ෂා කළේය.
 
කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලැබී ඇති ප්‍රබල ජනවරම මගින් COVID-19 වසංගතයේ අහිතකර ආර්ථික බලපෑම් අවම කිරීම ඇතුළුව ද්විපාර්ශ්වික කටයුතු වැඩි දියුණු කිරීම සඳහා දෙරටට නැවුම් අවස්ථාවක් ලබා දෙන බවයි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages