නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 08කට අනුමැතිය - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-25

නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 08කට අනුමැතිය

නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 08 දෙනෙකු පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අද පස්වරුවේ අනුමැතිය ලබා දී තිබේ.
 
ඒ අනුව පහත නම් සඳහන් නිලධාරීන් පත් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබා දී ඇත.
 
සී. ඒ චන්ද්‍රප්‍රේම මහතා – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත
මිලින්ද මොරගොඩ මහතා – ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්
රවිනාථ ආරියසිංහ මහතා – අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති
එස්.අමරසේකර මහතා – දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්
විශ්‍රාමික අද්මිරාල් කේ.කේ.වී.පී හරිස්චන්ද්‍ර සිල්වා මහතා – ඇෆ්ගනිස්ථාන තානාපති
විශ්‍රාමාල් සංජිව් ගුණසේකර මහතා – ජපානයේ ශ්‍රී ලංකා තානාපති
මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය – ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනි
ආචාර්ය පාලිත කොහොන මහතා – චීනයේ ශ්‍රී ලංකා තානාපති

No comments:

Post a Comment

Post Bottom Ad

Pages