කහ හිඟයට තිරසාර විසඳුම් – ගම්මාන 100ක කහ වවන්න පියවර! - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-04

කහ හිඟයට තිරසාර විසඳුම් – ගම්මාන 100ක කහ වවන්න පියවර!

කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් ලබාදී වගාකරුවන් රැකගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ සඳහන් කළේය.

ගම්මාන 100ක කහ වගා කිරීමට පියවර ගෙන ඇති බවත් කුරුඳුගහහැතැප්ම ප්‍රදේශයේ අපනයන කලාපයක් ස්ථාපනය කරන බවත් ඊයේ අනාවරණය කෙරිණි.

කහ සහ ගම්මිරිස් වගාකරුවන් ආරක්ෂා කිරීමට එම භෝග ආනයනය සම්පූර්ණයෙන් නතර කර ඇති බැවින් අන්තර්ජාතිකව වෙළෙඳපොළ සොයා වැඩි අපනයනයක් මඟින් උපරිම මිලක් ඉපැයීමට අවශ්‍ය පරිසරය සැකසීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශි්‍රත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (03දා) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

කහ සහ ගම්මිරිස් අවශ්‍යතාව දේශීය වගාවෙන් සපුරා ගැනීමටත්, අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනයටත්, විධිමත් සැලසුම් සැකසීම ගැන දීර්ඝව සාකච්ඡා කෙරිණි.

මෙරට වාර්ෂික බඩඉරිඟු ඉල්ලුම මෙටි්‍රක් ටොන් ලක්ෂ 05කි. එය සපුරාගැනීමට වගා කළ යුතු බිම් ප්‍රමාණය හෙක්ටයාර එක්ලක්ෂ දස දහසක් වේ. දැනට හෙක්ටයාර 80,000ක බඩඉරිඟු වගා කෙරෙන අතර ඉදිරි වසර අවසානය වනවිට හෙක්ටයාර එක්ලක්ෂ දස දහසක බිම් ප්‍රමාණයක් අස්වැද්දීම රජයේ අරමුණයි.

ගම්මාන 100ක කහ සහ ඉඟුරු වගා කිරීමට පියවර ගෙන ඇති අතර කුරුඳුගහහැතැප්ම ප්‍රදේශයේ අපනයන කලාපයක් ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබේ. මිරිස් පරිභෝජනය වෙනුවට ජනතාව අතර ගම්මිරිස් ප්‍රචලිත කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා විසින් පෙන්වාදෙනු ලැබිණි.

පාකිස්තානය මෙරට බුලත්වල ප්‍රධාන ගැනුම්කරුවෙකි. කොවිඩ් වසංගතයත් සමඟ ගුවන් ගමන් වාර සීමාවීම නිසා අපනයනය පහත වැටිණි. ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කර ඊට විසඳුම් සොයන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

විශ්වවිද්‍යාල මඟින් සුළු අපනයන භෝග ආශි්‍රත අගය එකතු කිරීමේ නිෂ්පාදන පිළිබඳ පර්යේෂණ පුළුල් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

උක් කර්මාන්තයේ සහ කජු වගාවේ ප්‍රවර්ධනය පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු හා කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, රේඛීය ආයතන නිලධාරීහු සහ වගා සංගම් නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.



from රට තොට – Colombo Tribune https://ift.tt/2EZOXFv
tribune

No comments:

Post a Comment

Post Bottom Ad

Pages