දේශිය රෙදි කර්මාන්තය සඳහා අලුත් සේවකයින් 10,000ක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-10

දේශිය රෙදි කර්මාන්තය සඳහා අලුත් සේවකයින් 10,000ක්

ග්‍රාමීය මට්ටමින් බතික් නිෂ්පාදනයත්,දේශීය ඇඟලුම් නිෂ්පාදනයත්,දේශීය අත් යන්ත්‍ර රෙදි නිෂ්පාදනයත් යන අංශ තුනම ඉදිරි වසර 05 තුළ දි වර්ධනය කිරිම සදහාත් දේශීය වශයෙන් ඉල්ලුමට අනුව සැපයුම වැඩි කිරීම සම්බන්ධයෙන්   රෙදි ආනයනකරුවන්,නුල් ආනයනයකරුවන් හා ලංකාව තුළ දේශීය සන්නායමය යටතේ නිෂ්පාදනයන් සිදු කරන ව්‍යාවසායකයින් සමඟ සාකච්ඡාවක් පේෂ කර්මාන්ත රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්විණි.
 
මෙහිදි,අදහස් දැක් වු ඇමතිවරයා,ග්‍රාමීය වශයෙන් තමන්ගේම රෙදි පිළි නිර්මාණය කරගැනීම කටයුතු කිරිමටත්,අත්‍යන්ත රෙදි පිළි නිපදවීම සඳහා අලුතින් සේවකයින් 10,000 බඳවා ගැනීමටත්,මේ සදහා ගම්මාන 200ක් ස්ථාපිත කිරිමටත්,මේ සදහා අවශ්‍ය උපකරණ ලබා දීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කිරිමට නියමිත බව කීය.
 
විශේෂයෙන් අත්‍යන්ත පේෂකර්ම කුඩා පාසල් නවීකරණය කිරිමටත්,ඉන් අධ්‍යාපකය ලබන සිසුන් ව්‍යාවාසයකයින් ලෙස දිරිගැන්වීමටත් බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
 
ඉදිරියේ දී මෙරටට නිමි ඇඳුම් ⁣ ගෙන්විම නවතා අපේ රටේ ම නිමි ඇදුම් නිෂ්පාදනය කිරිම සදහා මෙම සාකච්ඡාව සිදු කළ බව ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
 
එසේම මාධ්‍යවේදියෙකු නැඟු පැනයකට පිළිතුර දෙමින් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ,2021 පෙබරවාරි 04 වන දින සෑම නිවසක ම ශ්‍රී ලංකාවේ නිපද වු ජාතික කොඩියක් එසවීමට කටයුතු කරන බවත්,එසේම වෙසක් ⁣උත්සවය සදහා බෞද්ධ කොඩිය ද දේශිය අමු ද්‍රව්‍ය යොදා නිපදවීමට සැලසුම් කර ඇති බවය.
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages