තවත් කොරෝනා රෝගීන් 11කට සුවය - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-09

තවත් කොරෝනා රෝගීන් 11කට සුවය

අද (09) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයින් 11 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි
 
ඒ අනුව මෙරට, සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 2,946 කි
 
මේ වන විට කොවිඩ් ආසාදිතයින් 3140ක් මෙරටින් වාර්තා වී ඇත
 
 ඊයේ (08) දිනයේ දී වාර්තා වු නව ආසාදිතයින් ගණන 17 කි
 
එලෙස හඳුනාගත් නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් අතර කටාර් හි සිට පැමිණි 06 දෙනෙකු සහ කුවේට් හි සිට පැමිණි දෙදෙනෙකු වන  බව ද එම දෙපාර්තමේන්තු ව සඳහන් කළේය
 
මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 09 දෙනෙකුට ද කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට ඊයේ දිනයේ හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය
 
අද වන විට කොරෝනා ආසාදිතයින් 182 ක් රෝහල්ගත ව ප්‍රතිකාර ලබයි

No comments:

Post a Comment

Post Bottom Ad

Pages