බනිස් සහ අයිස්ක්‍රීම් දී ළමුන් 20ක් අපයෝජනය කළ බනිස් කඩේ මුදලාලි! - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-07

බනිස් සහ අයිස්ක්‍රීම් දී ළමුන් 20ක් අපයෝජනය කළ බනිස් කඩේ මුදලාලි!

පාසල් යන අවුරුදු දොළහ-දහතුන වයස් කාණ්ඩවල පිරිමි දරුවන් විසිදෙනකු පමණ අයිස්ක්‍රීම්, බනිස් හා මුදල් දී අපයෝජනය කර ඇතැයි චෝදනාවට අත්අඩංගුවට ගත් හැත්තෑ හැවිරිදි වෙළෙඳසල් හිමියකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ගාල්ල, බටදුව සුමනතිස්ස මාවතේ වෙළෙඳසල් හිමියකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව සඳහන්.

ගාල්ල කොට්ඨාස කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තට ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියකගෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ඇරඹී තිබුණා.

මෙම විමර්ශනයේදී හෙළිවී ඇත්තේ ව්‍යාපාරිකයා විසින් වසර දෙකක් තිස්සේ පාසල් සිසුන්ව රවටා අපයෝජනය කර ඇති බවය. ඊයේ (6 වැනිදා) වනවිට අපයෝජනයට ලක්වූ දරුවන් දෙදෙනකු වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල්ගත කර තිබෙනවා.

විවාහක දියණියන් තිදෙනකු සිටින සැකකරු තනිවම වෙළෙඳසලේ ජීවත්වී ඇති අතර බටදුව ගමට පිහිටි එකම වෙළෙඳසල වන මෙයට දරුවන්ව දෙමාපියන් වෙළෙඳසලට එවූ විට ඔහු අයිස්ක්‍රීම්, බනිස් හා මුදල්දී වෙළෙඳසල තුළදීම අපයෝජනය කර ඇති බව වාර්තා අවනවා.

ඇතැම් අවස්ථාවල සැකකරුගේ එළවළු කොරටු හා කුඹුරුවල සරුංගල් යැවීමට බව කියා දරුවන් රැගෙන ගොස් අපයෝජනය කර ඇතැයිද දරුවන්ගෙන් හෙළිව තිබුණා.



from රට තොට – Colombo Tribune https://ift.tt/3i8NACH
tribune

No comments:

Post a Comment

Post Bottom Ad

Pages