දින 22ක සිඟිත්තිය එක්ක අම්මයි තාත්තයි හොරකමේ ගිහින් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-28

දින 22ක සිඟිත්තිය එක්ක අම්මයි තාත්තයි හොරකමේ ගිහින්

අහුවෙද්දි ළඟ හෙරොයිනුත් තිබිලා

 

දින 22ක් වූ තම කුලුඳුල් දරු සිඟිත්තිය අතැතිව යතුරු පැදියෙන් ගොස් මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු සොරකම් රැසක් සිදු කරන තරුණ යුවළක් වෙන්නප්පුව පොලීසිය විසින් පසුගියදා (25) අත්අඩංගුවට ගැනිණි.

සිඟිති දැරිය ද සමඟ පැමිණි මෙම යුවළ ඉකුත් 22 වැනිදා දංකොටුව නගරයේ බස් රථයක් පැමිණෙන තුරු රැඳී සිටි කාන්තාවක් රවටා ඇය යතුරු පැදියේ නංවාගෙන පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් ඇය පැළැඳ සිටි රන් මාලය, කරාබු සහ ඇය සතුව තිබූ මුදල් පැහැරගෙන පලා ගොස් තිබේ. මේ සම්බන්ධව එම කාන්තාව වෙන්නප්පුව පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු සිදු කළ විමර්ශනවන් අනතුරුව වෙන්නප්පුව සිරිගම්පල ප්‍රදේශයේ දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 310ක්, කොල්ලකන ලද රුපියල් 92,500ක් වටිනා රන් ආභරණ, යතුරු පැදි 2ක් සහ රූපවාහිනී යන්ත්‍රයක් ඔවුන් සතුව තිබී පොලිස් භාරයට ගෙන තිබේ. මෙම යුවළ වෙන්නප්පුව සිරිගම්පල ප්‍රදේශයේ පදිංචි අය වන අතර, ඔවුන් මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මිහිර විජේසේකර - මාරවිල සමූහ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages