සඟවා තිබූ සහල් මෙට්‍රික් ටොන් 300ක් අත්අඩංගුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-30

සඟවා තිබූ සහල් මෙට්‍රික් ටොන් 300ක් අත්අඩංගුවට

ජා ඇළ, ඒකල ප්‍රදේශයේ සඟවා තිබූ සහල් මෙට්‍රික් ටොන් 300ක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් සහල් මෙට්‍රික් ටොන් 300ක් සත්ව ආහාර නිෂ්පාදන කටයුතු සඳහා භාවිතයට ගැනීමට සූදානමින් සිටින බවට වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙත ලැබුණු තොරතුරකට අනුව පාරිභෝගික අධිකාරිය විසින් එම සත්ත්ව ආහාර නිෂ්පාදන සමාගම වැටළීමෙන් පසුව ගබඩා කර තිබූ පාරිභෝජනයට සුදුසු තත්වයේ පැවැති සහල් තොගය අත්අඩංගුවට ගත් බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

සත්ව ආහාර නිෂ්පාදන සමාගම් විසින් දිගින් දිගටම සිදු කරන මෙවැනි ක්‍රියා තුළින් පාරිභෝගික ජනතාව මහත් අසීරුතාවලට පත්ව ඇති මෙවැනි අවස්ථාවක ඒ පිළිබඳව කිසිදු වගකීමකින් තොරව සත්ත්ව නිෂ්පාදන කටයුතු සඳහා පාරිභෝගික භාවිතයට සුදුසු සහල් සොයා ගැනීම පිළිබඳව 2020 ජූලි මස 23 දිනැතිව නිකුත් කරන ලද අංක 2185/67 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ විධානයන් නොසලකා හරිමින් සිදුකරගෙන යන මෙවැනි ක්‍රියා සඳහා කිසිදු ඉඩක් නොමැති බවද මෙම වැටලීම සඳහා සහභාගී වූ වෙළෙද ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෙම සත්ව නිෂ්පාදන ආයතනය සතුව ඇති අනෙකුත් තොග හා භාවිතා කරන ලද තොග සම්බන්ධයෙන් විධිමත් විමර්ෂණයක් පැවැත්වීමට පාරිභෝගික සේවා අධිකාරිය මඟින් කටයුතු කරනු ලබන අතර මෙම නීති විරෝධී කාර්යය සම්බන්ධයෙන් එකී ආයතනය වෙත නඩු පවරමින් අත්අඩංගුවට ගනු ලැබූ සහල් තොගය අද (30) මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම වැටලීම සඳහා ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ඇතුළු නිලධාරීන් ද ජා ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් ද සහභාගි වූහ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages