වෛද්‍ය පීඨවලට ගන්නා සිසුන් ගණන 350කින් ඉහළට! - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-08

වෛද්‍ය පීඨවලට ගන්නා සිසුන් ගණන 350කින් ඉහළට!

රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ වෙත ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 350කින් ඉහළ නැංවීමට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී තීරණය කර තිබේ.

ඒ අනුව 2019 වසරේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සඳහා සිසුන් ඇතුළත්  කිරීමේදී පසුගිය වර්ෂවලට සාපේක්ෂව වැඩි සිසුන් ප්‍රමාණයකට ප්‍රවේශ අවස්ථා ලබාදීමත්, ඒ තුළින් රටේ මානව සම්පතට එක්වන අනාගත වෛද්‍යවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීමත් මෙහි අරමුණයි.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජේ‍යෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, උප සභාපති ජනිතා එන්. ලියනගේ මහත්මිය ප්‍රමුඛ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන්, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ වෛද්‍යපීඨ පීඨාධිපතිවරුන් පිරිසක් සහභාගි වූහ.



from රට තොට – Colombo Tribune https://ift.tt/2R4s1aG
tribune

No comments:

Post a Comment

Post Bottom Ad

Pages